කටුනායක ගුවන් තොටුපොළ මාස 3ක් වසා මත්තලින් ගුවන්ගමන් අරඹයි!(Lanka DNA).


කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන ධාවන පථය ලබන වසරේ ජනවාරි 06 සිට අප්‍රේල් 06 දක්‌වා මාස තුනක කාලයක්‌ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා වසා තැබෙනබව වාර්තා වනවා. ඒ පෙරවරු 8.30 සිට පස්‌වරු 4.30 දක්‌වා කාලය තුළයි.

විකල්පයක්‌ ලෙස මත්තල ගුවන්තොටුපළ මේ කාලය තුළ යොදාගන්නා ලෙස අදාළ ගුවන් සේවාවලට දැනුම් දී ඇතැයි සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවා සමයේ වසා තැබුණද රාත්‍රි කාලයේදී කටුනායක ගුවන්තොටුපළ සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනවා.


පසුගිය සමයේ වී අලෙවි මණ්ඩලයේ අතිරික්ත වී ගබඩා කිරීමට මත්තල ගුවන් තොටුපළ ගබඩා 2ක් යොදා ගැනීමේ අනුවණ තීරණයක් ගෙන පසුව එම තීරණය අතහැර දැමීමට රජය විසින් තීරණය කරනු ලැබුවා.මත්තල ගුවන් තොටුපළ මෙවැනි හදිසි අවස්ථාවන්හිදී භාවිතයට ගත හැකිය.

('නෙත් FM Gossip'  වෙබ් අඩවියේ පළ වූ ලිපියෙන් යම් තොරතුරු ලබා ගන්නා ලදි.)



ඉෂාර ලක්මිණ.



Powered by Blogger.