මහපාර ආතල්ද?(Lanka dna).



මේ දිනවල යහපාලන ආණ්ඩුව බරපතළ ගැටලු කීපයකට මුහුණ දෙමින් සිටී.එහිදී වඩාත් කැපී පෙනෙන්නේ වීදි සටන් අභියෝගයන්ය.ආබාධිත රණවිරුවන්ගේ වැටුප් අර්බුදය සම්බන්ධව හටගත් වීදි සටනට පැලැස්තර විසදුමක් ලබා දී එය මාස 3කට යාන්තම් තල්ලු කිරීමට අමාත්‍ය දුමින්ද දිසානායක උපක්‍රමශීලී විය.එහෙත් තව මාස 3ක් ගිය තැන එම අර්බුදයට විසදුම් ලබා දීමට යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශය අසමත් වුණොත් තත්වය වඩාත් බරපතළ වනු ඇත.


දෙවැන්න මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය සම්බන්ධ විරෝධතාවයයි.එය පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග ඇතිව අද දක්වාම ඇදී යන ප්‍රශ්නයකි.එය අද යහපාලන ආණ්ඩුව අනුගමනය කරන මුනිවත පාලනය සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වාචාල ක්‍රියා හේතුවෙන් වඩාත් ප්‍රබල වීදි සටන් වෙත විශ්වවිද්‍යාල සිසුන් අවතීර්ණ වෙමින් සිටී.

ශිෂ්‍යයින්ගේ ඉල්ලීම් සාධාරණ බව වත්මන් යහපාලන ආණ්ඩුව පත් කිරීමට සහාය ලබා දුන් සිවිල් සංවිධාන නියෝජිතයින් පවා අද වන විට පවසයි.මේ සදහා යහපාලන ආණ්ඩුවේ පැලැස්තර විසදුම් හමුවේ ශිෂ්‍යයින් වඩාත් ප්‍රචණ්ඩ වීම වැළැක්විය නොහැකිය.

විශ්වවිද්‍යාලයීය අනධ්‍යන සේවකයින්ගේ වැටුප් ගැටලුවලට විසදුම් ලබා නොදීමෙන් එම ගැටලුවත් උඩුදුවා ගොස් තිබේ.අද වන විට සියලුම රජයේ විශ්වවිද්‍යාල වල පුස්තකාල පහසුකම් පවා නැවතී ඇත.මෙලෙස ගියොත්,විශ්වවිද්‍යාල සියල්ලේම සියලු ශිෂ්‍යයින් යහපාලන ආණ්ඩුවට විරුද්ධව මහපාරට බසින දිනය වැඩි ඈතක නොවන බව සදහන් කළ යුතු වේ.

ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන මගින් සිදු වූ සුවිශේෂීම සිදු වීම "රාජකුමාරයෙක් ලෙස" හැසිරුණ නාමල් රාජපක්ෂ මහමගට වැටීමයි.විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයින්ගේ මට්ටමට ඔහුත් පාරට වැටී ඇත.එහෙත්,පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුළ ඔහු හැසුරුණේ මහේෂාක්‍ය කුමාරයෙක් ලෙස සුඛෝපභෝගීවය.

වර්තමාන යහපාලන ආණ්ඩුව මගින් ජනතාවගේ සැබෑ වුවමනාවන් හදුනා නොගෙන ජනතාවගේ අපකීර්තියට පත්ව ඇති බැසිල් රාජපක්ෂ,නාමල් රාජපක්ෂ වටා හඹායාමෙන් සිදු වන්නේ ජනතාව තවතවත් යහපාලන ආණ්ඩුව කෙරෙහි කිපීම පමණි.


ඉෂාර ලක්මිණ.

Share on Google Plus