නව මහ බැංකු අධිපති පත් කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂයත් දෙදරායාමට පටන් ගනී...(Lanka dna වලට විශේෂයි!)


නව මහ බැංකු අධිපතිවරයා ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත් වීම් ලිපිය ලැබීමත් සමග නැවත් වරක් දේශපාලනය උණුසුම් කරමින් 'ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පාර්ශවයක්' යම් කළ කිරීම් ස්වභාවයට පත් වී ඇති බව අනාවරණය විය.


නව මහ බැංකු අධිපති ලෙස ජාත්‍යන්තර මූල්‍ය උපදේශක ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් වීම් ලැබුවේය.2015 වසරේ පෙබරවාරි මාසයේ නව මහ බැංකු අධිපති පත් කරගන්නා අවස්ථාවේදීත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ආරාධනා කර තිබුණත් ඒ අවස්ථාවේදී මහ බැංකු අධිපති ධුරය භාර ගැනීම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ප්‍රතික්ෂේප කළ බව අනාවරණය වේ.


කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතාගේද පාසල් කාලයේ සමීපතම මිතුරෙකි.ඒ නිසා තම ටුවිටර් 'twitter' ගිණුමෙන් නව මහ බැංකු අධිපතිවරයාට සුබ පැතුම් එක් කිරීමට දිනේශ් ගුණවර්ධන මහතා ක්‍රියා කිරීම බැසිල් රාජපක්ෂගේ උදහසට ලක් වී ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ විශ්වාස කටයුතු ආරංචියකින් අපට දැන ගන්නට ලැබුණි.


එහිදී බැසිල් රාජපක්ෂ පැමිණ ප්‍රකාශ කර ඇත්තේ මේ දිනේශ් කරන මෝඩ වැඩ නිසා අපිට අපේ 'ගෝල් වලට' හරියට යන්න විදියකුත් නෑ යනුවෙනි.


එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය කේඩරය විසින් ගෙන යන 'නව මහ බැංකු අධිපතිවරයා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට මුදල් රැස් කළ අයෙක්ය' යන චෝදනාව; ඒකාබද්ධ විපක්ෂයේම නායකවරයා විසින් නව මහ බැංකු අධිපතිවරයාට සුබ පැතුම් එක්කිරීමෙන්ම අමු අමුවේ පුස්සක් බවට පත්වේ.


ඊයේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශයන්හිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන වැඩ කටයුතු වලට එක් වූ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඔහු නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් දැඩි විවේචනයක්ද ඊයේ බැසිල් රාජපක්ෂ සමග ගිය ගමනට එරෙහිව එල්ල වූ බවට අද දිනයේ තහවරු විය.එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාට බැසිල් සමග එකට ගමන් බිමන් නොයන ලෙස පාක්ෂිකයන් ඉල්ලීම වී තිබේ.


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍ය වරයා ලෙස ක්‍රියා කරන සමයේ මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්‍රාල් සමග සහ මුදල් අමාත්‍යාංශයේ එවකට ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර සමග එක්ව වැරදි ආකාරයට දූෂිත ගණුදෙනු යොදාගෙන (හෙජින් ගිවිසුම/ග්‍රීක බැදුම්කර/හයට් ගොඩනැගිල්ලට සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යෙදවීම...)ක්‍රියාකරන විට එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශ මහතා ආර්ථික ඝාතකයින් පිළිබදව හෙළිදරවු කිරීමට පියවර ගත්තේය.ඔහු පැවසූ ආකාරයට අදටත් ගොඩ ගැනීමට අපහසු ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඝාතනය කළ තිදෙනා බැසිල් - කබ්‍රාල් - පී.බී. එකමුතුවයි.ඒ නිසාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් 2015 ජනවාරි 8 ගෙදර යාමට සිදු වූ බව මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයින් දැඩිව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට පවසා තිබේ.


නව මහ බැංකු අධිපතිවරයාට එල්.ටී.ටී.ඊ. කාරයෙක් යැයි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය කේඩරයේ ඇතැමුන් හංවඩු ගැසීම පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේශ් ගුණවර්ධන මහතා යම් කළකිරීමක සිටින බවක්ද තොරතුරු වලින් තහවරු විය.දිනේශ් ගුණවර්ධන යනු කිසිදු චෝදනාවකින් තොරව සහ සත්‍ය වෙනුවෙන් කතා කරන කාටවත් බොරු අවලාද නොනගන නායකයෙකු ලෙස ජනතාව තුළත් විශ්වාසයක් දිනා ගෙන ඇති අයෙකි.


ඔහු නිකරුණේ කිසිදු පුද්ගලයෙකුගේ චරිත ඝාතනයට ඉඩ ලබා නොදෙන නායකයෙකි.මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේශ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ කෙනෙකුට චෝදනා නගන්නට පෙර හොදින් සොයා බලා චෝදනා නැගිය යුතු බවයි.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉලක්කය වන්නේ 1983 කළු ජූලිය නිසා විදේශ ගත වූ උගත් බුද්ධිමත් දෙමළ ප්‍රජාවත් නැවත මෙරට සංවර්ධන ක්‍රියාවලිය සදහා දායක කර ගැනීමය.යුරෝපයේ සහ කැනඩාවේ සිටින ධනවත් ප්‍රධාන පෙළ ව්‍යාපාරිකයන් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දැනටමත් කැමැත්ත පළ කර තිබේ.


විචාරක මතය නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට විදේශගතව සිටින උගත් බුද්ධිමත් දෙමළ ජනතාවගේ මුදල් මෙරට සංවර්ධනය සදහා ආයෝජනය කරවීමට මනා හැකියාවක් ඇති අයෙකු ලෙසයි.ශ්‍රී ලංකා ආර්ථිකයට යහපතක් උදා වී ජනතාවගේ මුදල් පසුම්බි මුදලින් පිරී ගොස් මෙරට දුප්පත් කම තුරන් වනවා නම් මහ බැංකු අධිපති සිංහලයෙකුම විය යුතු යැයි නියමයක් නැත.දක්ෂයාට/හැකියාව ඇත්තාට ජන වර්ග නොබලා සුදුසු තැනක් පිරිනැමීමේ ඇති වරද කුමක්ද?ඔබම ඔබගේ හදවතින් අහන්න!පොන්නම්බලම් රාමනාදන්/පොන්නම්බලම් අරුනාචලම් වැනි ජාතික ව්‍යාපාරයේ උගත් නායකයින් බිහි නොවන්නට අප තවමත් බටහිර සුද්දන්ගේ සපත්තු මදිනවා ඇත.....




ඉෂාර ලක්මිණ.




Share on Google Plus