යාපනයේ ශෂීදරන් කොටි පැටියාට මන්ත්‍රී සුමන්ධිරන් විසින් කිරි පෙවීම!(Lanka dna).


යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේදී ඇති වූ කණගාටුදායක තත්වය පිළිබදව උණුසුම ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර-කොළඹ පාද යාත්‍රාව සම්බන්ධව උණුසුමත් සමග යට යමින් තිබේ.එහෙත්,යාපනයේ අදාළ සිදු වීමට මූලිකව වගකිව යුත්තා වූ යාපනයේ තරුණ ඊළාම් මතවාද ක්‍රයාකාරිකයෙකු වූ ශෂීදරන් වෙත යාපනයේ මහේස්ත්‍රාත්වරයා විසින් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් කොන්දේසි රහිත ඇප ලබා දී නිදහස් කිරීමත්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් හෝ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් තවමත් යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින්ගේ ආරක්ෂාව තහවරු කිරීම සම්බන්ධයෙන් නිසි වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපෝසත්ව ඇත.
මෙතන ගැටලුව ඇත්තේ සංහිදියාව ගැනවත් උඩරට වෙස් නැටුම ගැනවත් නොවේ ටී.යූ.එල්.එෆ්. හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ(වර්තමානයේ දෙමළ ජාතික සංධානයේ පාර්ශවයකි.),දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් එදා 1975 සිදු කළා මෙන් අද දවසේ දෙමළ ජාතික සංධානයේ නීතිඥ සුමන්ධිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ශෂීදරන් නම් එදා ගැටුම මෙහෙයවූ අන්තවාදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයාට අනිසි රැකවරණය ලබා දෙමින් සිටින බව අද වන විට රටේම මාධ්‍ය මගින් ජනතාව දැනුවත් වී හමාරය.

ගැටුමට ශෂීදරන් සම්බන්ධ බව ඇසින් දුටු සාක්ෂි මගින් තහවරු වී තිබියදී පොලිසිය මග හරිමින් සිටි ශෂීදරන් පසුව පොලිසියට භාර කරවූයේ සුමන්ධිරන් මන්ත්‍රීවරයා විසිනි.නමුත්,සුමන්ධිරන් මන්ත්‍රීවරයා ශෂීදරන්ට ඇප ලබා ගැනීම වෙනුවෙන් ජීවිත පරදුවට තබා ක්‍රියා කළේ අපේ භාෂාවෙන් කියනවා නම් ඇම්මට හෝ කැසිල්ලට නොවේ එය ඔවුන්ගේ අන්තවාදය වපුරන ක්‍රියාවලිය වූ බැවිනි.

නමුත්,කණගාටුව මෙයට නොබියව මුහුණ දිය හැකි ආරක්ෂක අමාත්‍යාංශයක් වර්තමානයේ අපේ රට සතු නොවීමයි.ආරක්ෂක අමාත්‍යාංශයේ සමහර අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරින් අ.පො.ස.උසස් පෙළ විභාගයවත් සමතුන් නොවේ.මෑතකදී ජාතික ශිෂ්‍ය භට බළකායේ රන්ටැඹේ පුහුණු කදවරුට ශ්‍රී ලංගම බස් රථ ලබා ගෙන පාසල් ශිෂ්‍යයින් ප්‍රවාහනය කර පසුව රංටැඹේ කදවර විසින් දන්වා ඇත්තේ පුහුණු කදවුර කල් ගිය බවය.එයවත් ශිෂ්‍යයින් වෙත කල්තියා දැනුම් දීමේ ක්‍රමයක් ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරින් සතු නොවීය.අනතුරුව රියදුරු මහත්මා සමග ශිෂ්‍යයින් රැයක් ගත කර තිබුණේ බස් රථය රියදුරු මහත්මා දන්නා මහනුවර ප්‍රදේශයේ නිවසක ගාල් කිරීමෙනි.(ශිෂ්‍යයින්ට අවශ්‍ය ආහාර සහ වැසිකිළි පහසුකම් ලබා දිය යුතු නිසා...)එමෙන්ම රංටැඹේ පුහුණු කදවුරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රවාහනය කර පසු මාස ගනණාවකම මුදල් මෙතෙක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබා දීමටවත් ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරින් අසමත්ව ඇති බව අපට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයෙන් වාර්තා විය.මෙවැනි තොත්තබබාලා වූ නිලධාරින් පිරිසක් වර්තමානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කිරීම ශෝචනීයයි.නමුත්,ආරක්ෂක අමාත්‍යවරයා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය.

තම අමාත්‍යාංශයේ විෂය පථයට අයත් රංටැඹේ ශිෂ්‍ය භට පුහුණු කදවුරවත් හරි හැටි සංවිධානය කරගත නොහැකි ආරක්ෂක අමාත්‍යාංශයකට යාපනයේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින්ට ආරක්ෂාව ලබා දීමට සත්‍යය වශයෙන්ම කැපවිය හැකිද යනු වෙනම ප්‍රශ්නාර්ථයකි.

දකුණේ දෙමවුපියන් තම දූ දරුවන් යාපනය විශ්වවිද්‍යාල වෙත යවන්නේම සංහිදියාවට කැමති නිසාය.සංහිදියාව තහවරු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සතු බරපතළ වගකීමක් බව අප නැවත සිහිපත් කර සිටින්නෙමු!


ඉෂාර ලක්මිණ.

Share on Google Plus