ඉන්දීය ධීවරයින් උතුරේ ජනතාවට සහ ශ්‍රී ලංකා ආණ්ඩුවට හිසරදයක් වීම!(Lanka DNA).


අතීතයේ සිට පවතින ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු තීරයේ නීති විරෝධීව මත්ස්‍ය සම්පත් නෙළා ගැනීමේ ගැටලුව මේ වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හොද හිත පළුදු වීම දක්වා උඩුදුවා තිබෙන බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා නාවුක හමුදාව සිටින්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් වෙරළ තීරය සහ සමුද්‍රීය ජල තීරයේ ආරක්ෂාව තහවරු කිරීමටය.එය නිසි ආකරයෙන් සිදු කිරීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව බැදී සිටී.නමුත්,තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ බලපෑම හමුවේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව නිතර ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරියට අනිසි බලපෑම් එල්ල කිරීම අවසානයේ කෙළවර වන්නේ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ කාර්යභාරයටත් බාධා එල්ල කරමින්ය.

පසුගිය සතියේ නීති විරෝධීව ශ්‍රී ලංකා දේශයේ සමුද්‍රීය ජල තීරයට ඇතුළු වූ ඉන්දීය බෝට්ටු 16ක පමණ ධීවරයින් යළි ඉන්දියාවට පළවා හැරීමට ශ්‍රී ලංකා නාවුක හමුදාවට සිදු විය.ඊට එරෙහිව තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකා නාවුක හමුදාවට අභූත චෝදනා නගමින් 22 වනදින සිට 28 දක්වා අඛන්ඩ උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට යයි.

මෙම උද්ඝෝෂණ හමුවේ කුලප්පු වන ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අනතුරුව ශ්‍රී ලංකා දේශපාලන අධිකාරිය වෙත බලපෑම් එල්ල කරයි.මෙම ප්‍රශ්නය සදහා ලබා දිය හැකි විසදුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය මේ වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත යුතුව ඇත.මේ ගැටලුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.මන්ද මෙහිදී උතුරේ ශ්‍රී ලාංකේය ධීවර ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා කඩ වීමයි...


ඉෂාර ලක්මිණ.


Share on Google Plus