වැට් පනත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය වෙලාලු!...(Lanka dna).


අද පෙරවරුවේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීම් පෙත්සමක් භාර දෙමින් මහරගම නගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සංධානයේ නාගරික මන්ත්‍රී සහ මහරගම වෙළද ව්‍යාපාරික සංගමයේ ක්‍රියාකාරී සාමාජික නිශාන්ත විමලචන්ද්‍ර මහතා සදහන් කර සිටියේ යහපාලන ආණ්ඩුව තනි අභිමතයට ගෙන ආ 'වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන මගින් පාර්ලිමේන්තුවේ මූල්‍ය සම්බන්ධ බලතල පමණක් නොව ශ්‍රී ලංකාවේ උත්තරීතරම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4,11,12(1),12(2),14(අ.)1,27,28,72,73,74,75,80,148,149,150,152 යන ව්‍යවස්ථාවන් පවාද උල්ලංඝනය වී ඇති බවයි.'

වැට් සහ ජාතිය ගොඩනැගීමේ යෝජිත බදු සංශෝධන පනත් කෙටුම්පතෙහි 2,3,4,5,6,7,8,9,13,14, සහ 15 වගන්ති මගින් මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව නිශාන්ත විමලචන්ද්‍ර මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් කඩවීම් පෙත්සම මගින් දක්වා තිබේ.

මෙම පෙත්සමේ වගෝත්තරකරු ලෙස දක්වා ඇත්තේ ආණ්ඩුවට නීති උපදෙස් සපයන 'නීතිපතිවරයාව' වේ.වැඩිදුරටත් අදහස් දක්වමින් නිශාන්ත විමලචන්ද්‍ර මහතා සදහන් කළ සිටියේ තමන් ආර්ථික විද්‍යාව සම්බන්ධව ශිෂ්‍යයින්ට උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයෙකු ලස වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් කඩිමුඩියේ ගෙන ආ මෙම බදු සංශෝධන කෙටුම්පත පිළිබදව හාස්‍යය පිරි මවිතයට පත් වූ බවයි.

මෙම පෙත්සම ගොනු කිරීමේදී රටේ ප්‍රවීණ නීත්ඥයින් 6කගේ පමණ සහාය තමන් ලබා ගත් බවත් නිශාන්ත විමලචන්ද්‍ර මහතා Lanka dna වෙත පැවසීය.
 

 ඉෂාර ලක්මිණ.
 


  
Share on Google Plus