"උග්‍ර අර්බුද හමුවේ රට"? - MEP


"උග්‍ර අර්බුද හමුවේ රට"? නමින් ජන සම්මන්ත්‍රණයක් ඊයේ 2016.07.23 දින පස්වරුවේ මහරගමදී පැවැත්වීමට මහජන එක්සත් පෙරමුණ -මහරගම බල මණ්ඩලය කටයුතු කරන ලදි.එහිදී මූලිකත්වය ගෙන ක්‍රියා කරන ලද්දේ හිටපු නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා විසිනි.පිළිගැනීමේ කතාවත් නිශාන්ත විමලචන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කරන ලදි.

කෙටි අනුශාසනාවක් පිරිස පන්සිල් සමාදන් කරවූ පූජ්‍ය වටගෙදර විමලබුද්ධි නා හිමියන් විසින් පවත්වන ලදි.එහිදී 1980 දශකයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් දිඹුලාගල සිංහල ජනතාවට පහර දී අත්පා කඩා දැමූ අන්දමත් අසරණ වූ ජනතාව වෙනුවෙන් නොබියව පාර්ලිමේන්තුවේ හඩක් නැගූ දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ අතීත ක්‍රියාවලිය පිළිබදව පිරිස දැනුවත් කරන ලදි.



මෙහිදී මහජන එක්සත් පෙරමුණ නායක සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක පා.මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් කියා සිටියේ ආර්ථික,සමාජයීය මෙන්ම රාජ්‍ය පරිපාලන සේවය පවා අද වන විට කඩා වැටී ඇති බවයි.ඇමරිකාවේ ෆෝචූන් සගරාවේ මත්තල ගුවන් තොටුපළ විකිණීමට දැන්වීම් දැමීමට තරම් වර්තමාන යහපාලන හවුල් ආණ්ඩුව පහත් තත්වයට වැටී ඇති බවයි.ඒකාබද්ධ විපක්ෂය විසින් ජූලි මස 28 මහනුවරින් අරඹන පා ගමනට ජනතාව එක්වීම මගින් අරාබි වසන්තයක් වෙත රට තල්ලු වීමේ අවධානමෙන් රටත් ජනතාවත් මිදෙන නිසා එය ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යාවශ්‍යතාවයක් බවට අද වන විට පත්ව ඇති බව වැඩිදුරටත් කරුණු සදහන් කළේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පා.මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සංඛ්‍යාලේඛන උපයෝගී කරගෙන වර්තමාන යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා කෙටි කාලයක් තුළ සිදු කරන ලද අනුවණ ක්‍රියා පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව නව යටත් විජිතයක් කරගන්නා වූ ආකාරය ජනතාවට විස්තර කරන ලදි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක පා.මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් නීතිය උල්ලංඝනය කරන ආකාරයත් විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය බලය ඇමරිකාවේ ජිනීවා යෝජනාවලිය වෙත පාවාදී ඇති ආකාරය විස්තර කරමින් ජනතාව දැනුවත් කරන ලදි.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පා.මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය විසින් යුද්ධයේ බිහිසුණු අත්දැකීම් විස්තර කරමින් නැවත යහපාලන ආණ්ඩුව යටතේ යුද්ධයක් ඇතිවීමේ පෙරනිමිති පහළ වන බව විස්තර කරමින් ජනතාව දැනුවත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් රාජා කොල්ලුරේ මහතාත් අදහස් දක්වන ලදි.පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා විසින්ද අදහස් දක්වන ලදි.




ඉෂාර ලක්මිණ.




Share on Google Plus