ජනතාව අපේක්ෂා කළ ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් අගමැතිවරයා දැඩි තීන්දුවක!(Lanka DNA වලට විශේෂයි...)


අරාබිකරයේ ජනතාව ටියුනීසියාවෙන් ආරම්භ කර ලිබියාවේ ගඩාෆි ඝාතනයෙන් නොනැවතී මුළු අරාබිකරයේම ඒකාධිපති රාජාණ්ඩු අති බහුතරය සටන් කර බිද දමන්නට විය.ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් නිදහස් ලෙස ජීවත් වීමේ අයිතිය ඉල්ලාය.

ශ්‍රී ලංකාව තුළ පැවති රාජාණ්ඩු පාලනය නිමා කරමින් 1833 කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් මෙරට ජනතාවට යම් පමණකට නිදහස් වාතාවරණයක් හිමි විය.එය 1910/1920/1924/1931/1947 ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයන් යටතේ බ්‍රිතාන්‍ය ආභාෂයෙන් මෙන්ම 1972 1 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේත් යම් පමණකට ජනතා නිදහස තහවරු විය.නමුත්,1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක බලතල සහිත දැවැන්ත ජනාධිපති ධුරයක් හදුන්වා දීමත් සමග(පූර්වයේ මෙම ධුරය 1972 1ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කළ සංශෝධනයක් මගින් ශ්‍රී ලංකාවට 1977 හදුන්වා දුන් බව සළකන්න!) ජනතා නිදහස 2 වෙනි මට්ටමට පත් කරමින් විධායක ජනාධිපති ධුරය පළමු ස්ථානයට පත් විය.

2009 යුද්ධය ජයග්‍රහනය කරවීමෙන් ලද ජනතා ප්‍රසාදය සමග 2010 වසරේදී 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් බලතල තවත් වැඩි කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගන්නා ලදි.වර්තමාන ජනාධිපතිවරයා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්,වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා එවකට ධීවර අමාත්‍යවරයා ලෙසත්,වර්තමාන බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යවරයා එවකට විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා ලෙසත් ඒකාධිපති ජනාධිපති ධුරයක් බිහි වීමට ඉඩ ලබා දුන්නේය...

2015 ජනාධිපතිවරණයේදී අති බහුතර එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ඡන්ද වලින්(ඡන්ද ලක්ෂ 42ක් පමණ.)එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණ සටනෙන් දිනවා ජනතාවට ලබා දුන් නව ව්‍යවස්ථාවක් සහ මැතිවරණ ක්‍රමයේ වෙනසක් / අත්‍යාවශ්‍යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම (සෝභිත හිමි සටන් කරන ලද්දේත් මේ වෙනුවෙනි.) වහාම මේ පොරොන්දු ජනතාව වෙත ඉටු කරලිය යුතු වේ.
නමුත්,යහපාලන ආණ්ඩුවට සම්බන්ධ බොහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අද වන විට ජනතා අපෙක්ෂා පරයා තම වුවමනා ඉටු කර ගැනීමට පෙරමුණ දී ඇත.නමුත්,අග්‍රාමාත්‍යවරයා දැඩි තීරණයක් ගනිමින් පවසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සංධානයේ හෝ සහාය ලබා ජනතා බලවේගයක් ගොඩ නගා නව ව්‍යවස්ථාවක් නව අදහස් සමග සම්මත කරගෙන ජනතා අපෙක්ෂා බල ගන්වා ආර්ථිකය ගොඩ නංවන බවයි.


ඉෂාර ලක්මිණ.

Powered by Blogger.