මිල පාලනයක් එන අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව මෙන්න!




මිල පාලනයකට යටත් කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16ක් ගැසට් කිරීමට කටයුතු කරන බව වානිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා පවසයි.

ඊට පසු එම ආහාර ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළෙඳසැල් පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් වටලා වෙ‍ළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව හෙතෙම කියා සිටියේ අද(14)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම ආහාර ද්‍රව්‍ය ලැයිස්තුවේ පවත්නා පරිදි වෙළඳපළේ පවත්නා 

උම්බලකඩ කිලෝවක මිල රු.240න්ද,මුං ඇට රු.45න්ද අඩුවී ඇති බව කිව හැකිය.

මිල පාලනයට යටත් කරන ලද එම ආහාර ද්‍රව්‍යවල සම්පූර්ණ ලැයිස්තුව මෙසේය.එක් කිලෝවක මිල ගණන් මෙහි දැක්වෙයි.


කුකුල් මස්(සම සහිත) රු.410.00
(සම රහිත) රු.495.00
රතු පරිප්පු රු.169.00
හාල්මැස්සෝ (තායි)රු.495.00
හාල්මැස්සෝ (ඩුබායි)රු.410.00
කඩල රු.260.00
මුං ඇට රු.220.00
ටින් මාලු රු.140.00(480g)
ටින් මාලු රු.70.00(105g)
සීනි රු.95.00
තිරිඟු පිටි රු.87.00
සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(ආනයනික) රු.810.00
සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(දේශීය) රු.735.00
අර්තාපල් රු.120.00
ලොකු ලූනු රු.78.00
වියළි මිරිස් රු.385.00
කට්ට කරවල රු.1100.00
සාලයා කරවල රු.425.00
උම්බලකඩ රු.1500.00
සස්ටජන් කිරි පිටි 1500.00



උපුටා ගැනීම - 'අද දෙරණ' සිංහල වෙබ් පිටුවෙනි.

Share on Google Plus