ඈවරයි දෑවරයි SAITAM හත් ඈවරයි! (Lanka dna).


කුමන බලපෑමක් යටතේ වුවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා නොගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසා ඇත.

අග‍්‍රාමාත්‍යවරයා මෙසේ අවධාරණය කර ඇත්තේ පසුගිය දා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ඇතුළු රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨාධිපතිවරුන් 07 දෙනා සමඟ සයිටම් ආයතනය පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

තමන් ඇතුළු රජය මෙම තීන්දුව ගනු ලබන්නේ රටේ අනාගත දරු පරපුරටවත් සාධාරණයක් ඉටු කරන්නට බවත් එවැනි යහපත් තීරණයක් දෙස පටු කෝණයෙන් බලන උදවිය ගැන තැකීමක් කළ යුතු නැති බවත් එහි දී අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.


එසේම මෙම සාකච්ඡාවේ දී සයිටම් ආයතනයේ වර්තමාන අර්බුදය විසඳීම සඳහා එය රජයේ සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා වී ඇති අතර ඒ එම ආයතනයේ කොටස් 50% බැගින් රජය සහ ආයෝජකයන් අතර බෙදී යන ආකාරයටය. සාකච්ඡාවේ දී මතු වූ එම යෝජනාවට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සහ වෛද්‍ය පීඨ 07 පීඨාධිපතිවරුන් එකඟත්වය පළකර ඇති බව ද වාර්තා වෙයි.

එහි දී වෛද්‍ය විද්‍යාලයේ පරිපාලනය සහ ප‍්‍රමිතිය මෙරට අනෙක් විශ්වවිද්‍යාලවල ඇති වෛද්‍ය පීඨ ප‍්‍රමිතියෙන් පවත්වාගෙන යාමටත් එහි දී එකඟතාව ඇති වී ඇති අතර ඒ වෙනුවෙන් වන ඉදිරි ක‍්‍රමවේදය වෛද්‍ය පීඨ 07 පීඨාධිපතිවරුන්ගේ මැදිහත් වීමෙන් සකස් කිරීමට ද තීන්දු කර ඇත.

 තව ද ඉදිරියේ දී මෙරට වෛද්‍ය උපාධි පිරිනමන පෞද්ගලික ආයෝජන පැමිණියහොත් එහි දී ද රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ විශ්වවිද්‍යාල ලෙස ඒ සඳහා ඉඩප‍්‍රස්ථා ලබා දීම ගැන ද මෙහි දී සාකච්ඡා වී ඇත.


- සංජය ලියනගේ




Share on Google Plus