"ජීවිතයේ අවසාන කාලයේ ලයිසන් නැති ගුවන් විදුලි අලුත්වැඩියා චෝදනාවට ලක්ව සීදුව පොලිස් කූඩුවේ ඉන්නට සිදු වූ ලාංකේය මහා පංචසිඛයාණන්ගේ කදුළු කතාව" - (ඉෂාර ලක්මිණ.)


සංගීතය විශ්ව භාෂාවක් නම් සුබාවිත සංගීතකරුවා එහි සංනිවේදකයින්ය.නමුත්,මොහු සංනිවේදන භූමිකාව ඉක්මවා ගිය මානසික සුවතාවයට ජීවක ඔසු සොයාගත් මහා ජීවකයෙකි.සක් දෙව් රදුන් වීණා වාදනයෙන් සුවපත් කරන්නට වාසනාව ලද පංචසිඛ මෙන් හුදී ජනයා තම සංගීත භාෂණයෙන් සුවපත් කරන්නට සමත් එදා මෙදා තුළ බිහි වූ ලාංකේය මහා පංචසිඛයානන්ය.දහස් ගණන් ශිෂ්‍ය පරපුරකට ශිල්ප ඥානය ලබා දුන් ගුරු භූමිකාවක් ඉටු කළ මහැදුරුතුමෙකි.

ඔහුගේ උපන් නාමය බද්දලියනගේ දොන් ජෝසප් ජෝන් විය.අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ඇසුරෙන් සිංහළ අභිමානය ගැන ප්‍රමෝදයට පත්ව 'සුනිල් ශාන්ත' ලෙස තම නාමය හදුන්වන්නට විය.

මේ අමරණීය සංගීතඥයා වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය මහින්ද තෙන්නකෝන් මහතා සහ "සුනිල් ශාන්ත අනුස්මරණ පදනම" එක්ව ජාතික අධ්‍යාපන ආයතනයේ සංවිධායකත්වයෙන් "මෙවන් පිටිසරේ නමින්" - සංගීත මහැදුරු සුනිල් ශාන්තයන් අනුස්මරණ උපහාර ගී ප්‍රසංගයක් පසුගියදා පවත්වනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක සහ 'ලංකා බැංකුවේ හිටපු මානව සම්පත් සහ අලෙවි කළමනාකාරවරයෙකු වූ' ප්‍රේමසර ඈපාසිංහ මහතා සුනිල් ශාන්තයන් පිළිබදව මෙතෙක් හෙළි නොවූ ජීවන තොරතුරු සහ සරල ජීවන රටාව එකින් එක හෙළිදරවු කරන්නට විය.

බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් 1915 අප්‍රේල් 04 දින දී දෙහියගත්ත¸ඦාඇළදී මෙලොව ඵලිය දුටුවේ කතෝලික පවුලකටය. මව කුරුගමගේ එංගල්තිනා වූ අතර පියා බද්දලියනගේ දොන් පෙමියානු විය. බාල අවධියේදී ම ඔහුට දෙමාපියන් අහිමිවිය. එම්. ජේ. පෙරේරා ඔහුගේ මාමා වු අතර ඔහු වෘත්තියෙන් සංගීතඥයෙක් විය. බාල අවධියේදී ම ශාන්තයන් හාමෝනියම් වාදනය හදාළේය. සුනිල් ශාන්තයන් පාසල් විහාග තරගාවලියෙන් ඉහළම ලකූණූ ලබාගත් අතරම වීරරත්න සම්මානයෙන්ද පිදූම ලැබීය. අවසන් ගුරු විභාගය 1933 දී සම්පූර්ණ කල සුනිල් ශාන්ත ක්ලැවරි පාසලෙන් තම ගුරු දිවිය ඇරඹීය. ඵහිදී තම පාසලට දකුණු පළාත සංගීත තරගාවලියෙන් සම්මාන තූනක් ලබාදීමට හෙතෙම සමත්විය. 1939 දී අන්තර්මධ්‍ය ගාන්ධර්ව විහාගයෙන් සමත්වු ඔහු ඵ්වනවිට පියානෝ වාදනය හදාරා තිබිණි. 1940 දී ශාන්තයන් වැඩිදුර අධ්‍යාපනය සදහා ශාන්ති නිකේතනයට ඇතුලත් වූ අතර එම වසර තුලදීම භාත්ඛණ්ඬේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම 1944 දී සිතාර් වාදනය පිළිබඳ වාද්‍ය විශාරද උපාධිය ලැබීය. ඉන් පසු බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් නමින් සුනිල් ශාන්ත බවට පත් විය. ‍

මීළග වසර 7 තුල ගායනා කළ ගීත අතර සමහර ගීත අති ඡනප්‍රිය විය. ඵවා නම් ඹ්ලු පිපීලා (ප්‍රථම පටිගත ගීතය) ,"හදපානේ", "හෝ ගා රැලනැගෙයි", " බෝවිටියා දං පලුකන් වාරේ", " සුවද රෝස මල් නෙලා" , "කෝකිලයන්ගේ" සහ " මිහිකත නලවාලා" වේ. ඔහු ගායනා කළ ගීත සිහල උරුමය පිලිබදවූ අතර ඵ් කිසිවක් අන් භාෂාවල උපුටා ගැනීම් නොවීය. තවද කලාතුරකින් ගීත රචනාවේද නියැලුණේය. ඔහුගේ ගීතවල ගීත රචකයන් අතර කුමාරතුංග මුනිදාස, මර්සලින් ජයකොඩි පියතුමා, අරියසෙන් අහුබුදු දැක්විය හැක

1952 දී භාරතීය මහාචාර්ය රතන් ජංකර් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිටීම ප්‍රතික්ෂේප කළ නිසා සුනිල් ශාන්තට ගුවන් විදුලියේ රැකියාව අහිමි විය. එතැන් පටන් ඔහු ජීවිකාව සඳහා වඩු වැඩ, මේසන් වැඩ, රථවාහන අළුත්වැඩියාව, ඡායාරූප ශිල්පය, ගුවන්විදුලි යන්ත්‍ර අළුත්වැඩියාව, සිල්ලර වෙළඳසලක් පවත්වාගෙනයාම වැනි නොයෙක් රැකියාවල නිරත විණි. 1953 දී සුනිල් ශාන්තයන් විසින් මරදානේ නිව්ටන් ගොඞනැගිල්ලේ කුඞා පාසලක් අරඹන ලදි. ඵය තුළින් ශිෂය්‍යන් දහයකට පමණ නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලදි. ටික කලකට පසුව මිතුරු ඇල්බට් පෙරේරා (වර්තමානයේ ඩබ්. ඩී. අමරදේව) ගුරුවරයකු වශයෙන් ඊට ඇතුළත් වීය. 1967 දී නෙවිල් ඡයවීර මහතා ගෙන් ජාතික ගුවන්විදුලි සේවාව සමග සම්බන්ධ වනලෙස සුනිල් ශාන්තයන් ට ඇරයුම් ලැබිණ. පසුව හෙතෙම ඩබ්. ඩී. අමරදේව සමග එක්ව එහි කටයුතු කළේය. 1970 දී මාමාගේ නිවසින් බැහැරවු හෙතෙම 1977 දී සුනිල් ගී නමින් පටිගතයක් නිපදවන ලදි.

එම වකවානුව තුළ ප්‍රේමසර ඈපාසිංහ මහතා 'ලංකා බැංකුවේ' මානව සම්පත් සහ අලෙවි කළමණාකර ධුරය හොබවද්දී "ආරාධනා" නමින් සංගීත වැඩසටහනක් ආරම්භ කළේය.එහිදී සතිපතා සුබාවිත ගී ගායනා කරන ගායකයින් මැදිරියට ගෙන්වා ගී ගායනා කරනු වෙනුවට තරමක දීමනාවක් ලබා දෙන ලදි.

සුනිල් ශාන්ත මහතා ආර්ථික තත්වය අසරණ මට්ටමට පත්ව ජීවත්වන ආරංචිය ලැබූ ප්‍රේමසර ඈපාසිංහ මහතා සීදුව ප්‍රදේශයට තම නිල රථයේ ගමන් කළේය.එහිදී පටු පාරකින් වාහනය හරවා ටික දුරක් ගමන් කරන විට ගැමි පෙනුම ඇති කාන්තාවක් පාරේ ගමන් කරනවා දැක "සුනිල් ශාන්ත මහතාගේ නිවස කොහේද?" යැයි විමසන ලදි.එවිට එම කාන්තාව තමන් සුනිල් ශාන්ත මහතාගේ බිරිද යැයි ප්‍රකාශ කළ නිවස පෙන්වීමට ඉදිරිපත් විය.

කාන්තාව ලබා දුන් අණට අනූව වාහනය නතර වූයේ ගැමි පැල්පතක් ඉදිරියේය.සරමක් හැදගත් පිරිමියෙක් වාහන ශබ්දය ඇසී ගෙපිළිකන්න වෙත දුවන්නට විය.කාන්තාව කෑ ගසා "මේ මහත්තයා ඔහේව මුණ ගැහෙන්න ඈපාසිංහ මහත්තයා ඇවිත්" කීවාය.
එවිට අව්‍යාජ සිනහවෙන් ඉදිරියට පැමිණි සුනිල් ශාන්තයන් පැවසුවේ පුදුමාකාර කතාවකි."ඈපාසිංහ මහත්තයෝ, මං මේ හැංගෙන්න ගියේ සීදුවේ පොලිසියෙන් ආයිත් මාව කුදලන් යන්න ආවැයි බයෙන්;මම දැන් ජීවත් වෙන්නේ රේඩියෝ රෙපයාර් කරලා...මෙතන ලැයිසන් නැති රේඩියෝ තිබ්බයි කියලා මාව සතියකට කලින් පොලිසියෙන් කුදලන් ගිහින් කූඩුවෙත් දැන්මා."

කරුණු වහාම වටහා ගත් ඈපාසිංහ මහතා කතාවට අවතීර්ණ වී "ආරාධනා" ප්‍රසංගය සදහා පැමිණෙන්නයැයි සුනිල් ශාන්තයන් වෙත ඇවිටිලි කරන්නට විය.ලැබුනේ නොසිතූ පිළිතුරකි. "ඈපාසිංහ මහත්තයෝ,ගොඩාක් ස්තූතියි ඔබතුමන්ලාට මට මේ ප්‍රසංගයට ආරාධනා කළාට! ඒත්,මං දැන් වයසයි.මට දැන් නියමිත ස්වර වලට කටහඩ හසුරවලා ගීත කියන්න බෑ...මං සුනිල් ශාන්ත විදියටම පැල්පතක ජීවත්වෙලා මැරෙන්නම්:"

ඈපාසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ගුණ සමරු දේශනය නිමා විය.

අවුරුදු 70 පැනලත් බලය අල්ලන්න කෑදර දේශපාලුවන් ඉන්න රටක සුනිල් ශාන්තයන් විසින් එදා ලබා දුන් ආදර්ශය කොපමණ වටීද?

ඉෂාර ලක්මිණ (Lanka dna).




Share on Google Plus