යුද්ධ හමුදාපතිවරයාට සේවා දිගුවක් ! අනුප්‍රාප්තික යුද්ධ හමුදාපතිවරයා පිළිබදව හෙළිදරවුවක්!


යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට වසරක සේවා දිගුවක් ජනාධිපතිතුමන් විසින් ලබා දීමට කටයුතු කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවසනවා.2017 අගෝස්තු 22 වන දින දක්වා බලපවත්වන පරිදි මෙම සේවා දිගුව වර්තමාන යුද්ධ හමුදාපතිවරයාට ලබා දී තිබේ.


මේත් සමග 2017 අගෝස්තු 23 වන දින යුද්ධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීමට තීරණයක් ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබේ.මෙලෙස අනුප්‍රාප්තික යුද්ධ හමුදාපතිවරයෙක් නම් කිරීම විශේෂත්වයකි.

දැනට මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා යාපනය ආඥාපතිවරයා ලෙස සේවය කරයි.ඔහු දැනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සේවය කරන අත්දැකීම් බහුලතම නිලධාරියාද වේ.ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු හමුදා අත්දැකීම් පවා හිමිය.ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්ද වේ.ඔහු සංහිදියාව පිළිබදව දැඩි ලෙස විශ්වාස කරන්නෙකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පවා පත්ව ඇති අයෙකි.
ඉෂාර ලක්මිණ.(Lanka dna).





Share on Google Plus