රටක් හඩවා නික්ම යන මාධ්‍ය සගයන් දෙදෙනා...(Lanka dna).



බී.බී.සී. (කොළඹ.) මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා සහ පුවත්පත් කිහිපයක ප්‍රධාන ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී ලාල් ගෝමස් මහතා අද (11) දැයෙන් සමු ගත්තා.


ශ්‍රී ලාල් වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස ක්‌ෂේත්‍රයට එකතුවන්නේ 1979 මහවැලි අමාත්‍යාංශය මගින් ඇරැඹූ "ඉසුර" මාසික ශාස්‌ත්‍රීය සංග්‍රහයේ ආධුනික ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි.
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ නිල ඡායාරූප ශිල්පියා වශයෙන් 1989 වර්ෂය දක්‌වාම කටයුතු කළ හෙතෙම ඉන් අනතුරුව ඡායාරූප ශිල්පියකු ලෙස 2000 වර්ෂය දක්‌වා උපාලි පුවත්පත් සමාගමේ දිවයින, අයිලන්ඩ්, නවලිය පුවත්පත්වල සේවය කළේය.

ලක්බිම දිනපතා පුවත්පත ආරම්භයේදී ආරම්භක ඡායාරූප කර්තෘවරයා වූ ශ්‍රී ලාල් ගෝමස් පුවත්පත් ඡායාරූප ශිල්පින් බොහොමයකට මග කියාදුන් ගුරුවරයෙකුද වේ.
ශ්‍රී ලාල් ගෝමස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 13 වන සෙනසුරාදා සපුගස්කන්ද,රෝමානු කතෝලික සුසාන භූමියේ සිදුකෙරෙයි.

එල්මෝ ප්‍රනාන්දු මහතා විසින් බී.බී.සී. ශ්‍රී ලංකා ප්‍රතිරූපය වඩාත් යහපත් කරවීම සදහා බොහෝ සෙයින් ප්‍රයත්න දැරූ ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍ය ශිල්පියෙකි.


ඉෂාර ලක්මිණ (Lanka dna).




Share on Google Plus