සාලාවේ වැසියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්! (Lanka dna).


සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරුමෙන් පීඩාවට පත්වූවන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන රැස්වීම නොපැවැත්වූ බව ප්‍රදේශවාසීන් පවසයි.

පීඩාවට පත්වූවෙකු පැවසුවේ අදාළ රැස්වීම ඊයේ(19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි.

එමෙන්ම පීඩාවට පත්වූවන් සඳහා ලැබිය යුතු වන්දි මුදල් ද නිසි පරිදි නොලැබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර ලබන අඟහරුවාදා වන විට අපේක්ෂිත සහන නොලැබුණහොත් ආණ්ඩුවට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවද විපතට පත් වූ ජනතාව පෙන්වා දී තිබේ.

සිය ගැටළු සම්බන්ධයෙන් සීතාවක ප‍්‍රාදේශීය ලේකම්වරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම සහන කඩිනමින් ලබා දිය යුතු බවත්, ලබන අගහරුවාදා වන විට මූලික මට්ටමේ මුදල් තැන්පත් කිරීම් හා වන්දි ගෙවීම් ආදියට එකඟ විය හැකි විසඳුමක් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

එම අවස්ථාවට එක් වූ සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.බණ්ඩාර මහතා පවසා සිටියේ පීඩාවට පත්වූවන් නිසි පරිදි හඳුනාගෙන, නිවැරදි ලෙසම වන්දි මුදල් ලබාදීම සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවයි.

‍මේ අතර සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරුමෙන් පසු විපතට පත් වූවන්ට මුදල් ලබාදීමේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී නිවාස ඉදිකිරීම් සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබාදී ඇති බව ආපදා කළමනාකාරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. මීයනවල මහතා සඳහන් කළේය.


උපුටා ගැනීම - 'අද දෙරණ' සිංහල වෙබ් පිටුව.

Share on Google Plus