ලංකාවේ වමට වුණේ මොකක්ද? වම යළි ගොඩදාමුද?...)Lanka dna(.


"විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය විසින් ප්‍රකාශයට පත් කරන ලද කෘතියක් වන ‘ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය - විශ්ලේෂණාත්මක ඇගයුමක්’ නම් කෘතිය පිළිබදව සාකච්ඡා කෙරෙන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් අගෝස්තු 11(හෙට) දින පැවැත්වීමට නියමිතය. මෙය එදින සවස 3.00 ට පමණ බොරැල්ල කොටා පාරේ පිහිටි ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත.
දශක අටකට වැඩි ලාංකීය සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, රුසියානු බොල්ෂෙවික් ව්‍යාපාරයේ ඉතිහාසය සමග ගත් සංසන්දනාත්මක විශ්ලේෂණයක් මෙම කෘතිය මගින් සිදුකර ඇති බව විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා සමාජවාදී පක්ෂය මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වීමට නියමිතය.

ඒ සදහා ඔබ සැමට ආරාධනා කර සිටිමු!"

Lanka dna.


Share on Google Plus