සුනිල් ශාන්තයන්ගේ පුත් ලංකා ශාන්ත සත්‍ය හෙළිදරවුවක! (ඉෂාර ලක්මිණ.)


"ජීවිතයේ අවසාන කාලයේ ලයිසන් නැති ගුවන් විදුලි අලුත්වැඩියා චෝදනාවට ලක්ව සීදුව පොලිස් කූඩුවේ ඉන්නට සිදු වූ ලාංකේය මහා පංචසිඛයාණන්ගේ කදුළු කතාව"
යන ශීර්ෂයෙන් අප විසින් පළ කරන ලද ලිපියට පාදක වූ කරුණ පිළිබදව සුනිල් ශාන්තයන්ගේ පුත් ලංකා ශාන්ත මහතා වැඩි දුර පැහැදිලි කිරීමක් අප වෙත ලැබෙන්නට සැලැස්වීය.මේ එම ලිපියයි,
"ප්‍රේමසර ඈපාසිංහ මහතාගේ වයසත් සමග ඇත්ත සිදුවීම අමතකවීමක් හෝ කතාවට ඔපදැමීමක් හෝ සිතාගෙන කියා තිබෙන්නේ අසත්‍ය බව කිවයුතුයි.

සුනිල් සාන්තයන් රේඩියෝ අලුතින්ම සැදිමට වගේම රේපයාර් කිරිමට දක්ෂයෙක්. ඔහු ගමේ රේඩියෝ කැඩුනු විට සාදා දුන්න. එත් ඒ බොහෝ විට නොමිලේයි. කොහොම උනත් ලයිසන් නැතිව රේඩියෝ රේපයාර් කරනවා කියා යමෙක් ජා-ඇල පොලීසියට කියා තිබුන බව ඇත්ත. පොලීසිය සුනිල් සාන්තයන්ට මහත් ලෙස ගරු කලා. ඔවුන් ඒ ගැන සුනිල් සාන්තයන්ට බොහොම සුහදව දැනුම් දීම්ක් කල බව ඇත්ත. ඒ වගේම ඈපාසිංහ මහතා පැමිනි විට ඒ ගැන ඔහුට කීබවත් ඇත්ත. පොලීසිය එන්නේ පොළිස් ජීප් එකේ. කාර්වල එන්නේ නැත. කිසි දිනක සුනිල් සාන්තයන්ව අල්ලාගෙන ගොස් පොලිස් කුඩුවේ දමා නැත. අපේ පොලිස් වසම ජා-ඇල මිස සීදුව නොවේ. සුනිල් සාන්තයන් කිසිවිටක හැන්ගෙන ජාතියේ තැනැත්තෙක් නොවේ. මෙහි ඇත්ත දැන ගන්න නම් ඈපාසිංහ මහතා පෙර කල ඔය සිද්දිය ගැන කී සටහන් සොයා බලන්න.

අමරදේවයන් 1946 කාලේ දී සුනිල් සාන්තයන්ගෙන් සංගීතය ඉගනගත් සිසුවෙක්. පසු කලක අමරදේවයන් හරි ආදායම් මාර්ගයක් නැති නිසා සංගීතයෙන් ඉවත්වන්න සිතන බව කීවිට සුනිල් සාන්තයන්ගේ එවකට හොඳම සංගීත පන්තිය වු පානඳුරේ සංගීත පංතිය අමරදේවයන්ට බාරදී එහි ආදායම ඔහුට ගන්න සැලැස්වු බව කවුරුත් දන්නා සත්‍යක්. සුනිල් සාන්තයන් 1966/67 කාලයේ ගුවන් විදුලි සේවයට ගියේ ශිල්පීන් වර්ග කිරීමේ මඬුල්ලේ ප්‍රදානියා ලෙසයි. ඔහුගේ සහයකයින් උනේ අමරදේවයන් සහ රූපසිංහ මාස්ටර්ය. 1952 සුනිල් සාන්තයන්ට ගුවන් විදුලියේ දොර වැසුනේ ඔහු ශිල්පීන් වර්ග කිරීම වර්ජනය කල නිසයි. වසර 14 ගෙදරට වී සිටි ඔහු 1966 දී අප ලාංකීක ශිල්පීන් වර්ග කිරීමට සුදුසු වීමෙන් පෙනී යන්නේ 1952 දීත් ඔහු ශිල්පීන් වර්ග කිරීමට සුදුසුකම් තිබුනු බව නොවේ ද? 1952 දී වගේම 1966 දීත් සුනිලුන් තරමට සංගීතයෙන් ඉතා උසස් ලෙස සමත් වු අයෙක් ලංකාවේ නොසිටි බව කිව යුතුයි. 1952 දී සුනිලුන්ට බලධාරීන් කලේ ජාතික අපරාධයකි. මෙහි පිටු පසින් සුනිලුන්ට හතුරුකම් කල, ඊරිසියා කල කීප දෙනෙක් සිටි බව ද දන්නෝ දනිති.

"සුනිල් සාන්ත අනුස්මරන පදනම" යනුවෙන් සංවිධානයක් නැත්තේය. දොස්තර මහින්ද තෙන්නකෝන් මහතා යහපත් සිතින් තම ගුරු දෙවි සුනිල් සාන්තයන්ට උපහාරය කල බවකි මා හට පෙනීයන්නේ. ඒ නමුත් ඔහු ඒ ගුරු දෙවි ආදර්ශයට ගන්නේ නම් මෙය මෙසේ සිදු නොවිය යුතුයි. අමතක නොකරන්න සුනිල් සාන්තයින් වයස 60 දී පමන පෙර ලෙස ගායනා කිරීමට බැරිය කියා 'ආරාධනා' ප්‍රසංගය බාර නොගත් බව. නමුත් ඔහු ඊට වසර කීපයකට කලින් "My Dreams are Roses " ඉංග්‍රීසි ගීය එක ටේක් එකකින් කියා පටි ගත කර තිබුනා. කෙසේ උනත් සුනිල් සාන්තයන් ගේ දෙවැනි පුතා ලෙස මට කියන්න තියෙන්නේ දොස්තර මහින්ද තෙන්නකෝන් මහතාගේ චෙතනාව සුද්ද උනත් මෙහිදී ඔහු අතින් ඔහුගේ ගුරු දෙවියන්ව උපහාසයට මෙන්ම අපහාසයට ලක් කර ඇති බවකි."

 - ලංකා සාන්ත


ජනතාවගේ සත්‍ය දැන ගැනීමේ අයිතිය උතුම් කොට ක්‍රියාකරන මාධ්‍ය ආයතනයක් ලෙස 'Lanka dna' අප යම් සිදුවීමක සෑම පාර්ශවයකම අදහස් තුලනාත්මකව ඔබ වෙත ගෙන එන බව සිහිපත් කර සිටින්නෙමු!


ඉෂාර ලක්මිණ.(Lanka dna).


Share on Google Plus