වැට් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගත් ගිලගත් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!


කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීම් පෙත්සමක් භාර දෙමින් මහරගම නගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සංධානයේ නාගරික මන්ත්‍රී සහ මහරගම වෙළද ව්‍යාපාරික සංගමයේ ක්‍රියාකාරී සාමාජික නිශාන්ත විමලචන්ද්‍ර මහතා සදහන් කර සිටියේ යහපාලන ආණ්ඩුව තනි අභිමතයට ගෙන ආ 'වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන මගින් පාර්ලිමේන්තුවේ මූල්‍ය සම්බන්ධ බලතල පමණක් නොව ශ්‍රී ලංකාවේ උත්තරීතරම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4,11,12(1),12(2),14(අ.)1,27,28,72,73,74,75,80,148,149,150,152 යන ව්‍යවස්ථාවන් පවාද උල්ලංඝනය වී ඇති බවයි.'

වැට් සහ ජාතිය ගොඩනැගීමේ යෝජිත බදු සංශෝධන පනත් කෙටුම්පතෙහි 2,3,4,5,6,7,8,9,13,14, සහ 15 වගන්ති මගින් මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව නිශාන්ත විමලචන්ද්‍ර මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් කඩවීම් පෙත්සම මගින් දක්වා තිබේ.

මෙම පෙත්සමේ වගෝත්තරකරු ලෙස දක්වා ඇත්තේ ආණ්ඩුවට නීති උපදෙස් සපයන 'නීතිපතිවරයාව' වේ.වැඩිදුරටත් අදහස් දක්වමින් නිශාන්ත විමලචන්ද්‍ර මහතා සදහන් කළ සිටියේ තමන් ආර්ථික විද්‍යාව සම්බන්ධව ශිෂ්‍යයින්ට උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයෙකු ලස වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් කඩිමුඩියේ ගෙන ආ මෙම බදු සංශෝධන කෙටුම්පත පිළිබදව හාස්‍යය පිරි මවිතයට පත් වූ බවයි.

මෙම පෙත්සම ගොනු කිරීමේදී රටේ ප්‍රවීණ නීත්ඥයින් 6කගේ පමණ සහාය තමන් ලබා ගත් බවත් නිශාන්ත විමලචන්ද්‍ර මහතා Lanka dna වෙත පැවසීය.
මහරගම හිටපු නාගරික මන්ත්‍රී සහ මහරගම වෙළද ව්‍යාපාරික සංගමයේ ක්‍රියාකාරී සාමාජික නිශාන්ත විමලචන්ද්‍ර මහතා විසින් මෙලෙස වැට් සහ ජාතිය ගොඩනැගීමේ හදිසි බදු සංශෝධන වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් ගරු අග්‍රවිනිශ්චයකාර තුමා ඒ පිළිබදව තීන්දුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක තුමාට දැනුම් දීමෙන් අනතුරුව අද දිනයේදී ගරු කථානායක කරූ ජයසූරිය මහතා විසින් එම තීන්දුව පාර්ලිමෙන්තුවේ සභාගතකරනු ලැබුවා.
මෙම තීන්දුවට අනූව හදිසි වැට් සහ එන්.ඩී.ටී. බදු සංශෝධන මගින් මුදල් අමාත්‍යවරයා රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පවාද උල්ලංඝනය කර ඇති බව අද දිනයේදී පාර්ලිමෙන්තුවේ ගරු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබුණා.

ඉෂාර ලක්මිණ.




Powered by Blogger.