මහින්දගේ විදෙස් සංචාර නිසා ශ්‍රී ලංකාව ලෝකයේ හුදෙකලා රටක් වෙයිද? (ඉෂාර ලක්මිණ.)



2015 ජනාධිපතිවරණය පරාජයත් සමග ගෞරවාන්විතව ජනතා උත්තමාචාර මැද දේශපාලනයෙන් සමු නොගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 අගෝස්තු මහ මැතිවරණයට කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වුවද බලාපොරොත්තු වූ මට්ටමට අති සාර්ථක විය නොහැකි විය.

එයිනුත් සෑහීමට පත් නොවූ මහින්ද රාජපක්ෂ මහතා උගණ්ඩාවේ නව ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට මහා ඉහළින් සහභාගි විය.එහිදී ඒ මොහොතේ උගණ්ඩාව තුළ ජනතා කැරළි අභිනවයෙන් පත් වූ එරට ජනාධිපතිවරයාට එල්ළ වූ මොහොතේ එරට ආරක්ෂක අංශ විසින් දැඩි පරිශ්‍රමයක් දරා මහින්ද රාජපක්ෂ මහතාට පූර්ණ ආරක්ෂාව සලසා යළිත් මෙරටට එවන ලදි.

ඉන් අනතුරුව ජපානයට සංචාරය කළ මහින්ද රාජපක්ෂ මහතා යුක්‍රේනයේ ත්‍රස්ථවාදීන්ට අවි සපයා ජාත්‍යන්තර රතු නිවේදන චෝදනාවකට ලක්ව සිටින හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා සමග ඡායාරූප ගැනීමට ගොස් ජාත්‍යන්තර ලෙඩක් දා ගැනීමට ගොස් තිබියදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සේවයට පිංසිදු වන්නට යළිත් මෙරටට නිරුපද්‍රිතව පැමිණියේය.
මෙවර මලයාසියානු රජයේ බුද්ධි අංශයන් විසින් පෙර අනතුරු ඇගවීම් කර තිබියදීත් ඉන්දියානු ඩයස්පෝරාව බහුතරය ජීවත්වන මලයාසියාවට හිතුවක්කාර ගමනක් ගොස් අවසානයේ බෞද්ධ විහරයකටත් එම නිසා හානි විදින්නට සිදු විය.අද දහවල් මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි. අන්සාර් මහතාටත් ඉන්දියානු එල්.ටී.ටී.ඊ. හිතවාදී ඩයස්පෝරාව විසින් ප්‍රහාර එල්ළ කර තිබේ.

මේ සදහා සම්පූර්ණ වගකීම මලයාසියාවට හිතුවක්කාර විදේශ සංචාරයක නිරත වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් භාර ගත යුතුව ඇත.මන්දයත්,පරිනත දේශපාලන නායකයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා මලයාසියාව තුළ ජන සංයුතිය පැතිරී ඇති ආකාරය අනූව මෙම සංචාරය නොයා යුතුව තිබුණි.ශ්‍රී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමත් සමග මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වෛරයක් ඇති කරගත් එල්.ටී.ටී.ඊ. හිතවාදී ඩයස්පෝරාවන් මෙවැනි ලෙස දේශපාලනමය වශයෙන් පරාජිත මානසිකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රබල විරෝධයක් දැක්වීම ස්වාභාවිකය මෙය තේරුම් ගෙන ශ්‍රී ලංකාව සහ වෙනත් සහෝදර රාජ්‍යයන් අතර විදේශ සම්බන්ධතා පළුදු කරවන සුළු මට්ටමේ විදේශ සංචාර වලින් වැළකී ගෞරවාන්විතව හැසිරීම අගනේය.




Lanka dna-ඉෂාර ලක්මිණ.




Share on Google Plus