අතට හිතද?හිතට අතද? (ඉෂාර ලක්මිණ.)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය කුරුණෑගල මාළිගාපිටිය මහජන ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වීමට නියමිතය.ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් ගෙනයන 'සංහිදියා' වැඩ පිළිවෙල හේතුවෙන් මෙවර 65වන පක්ෂ සම්මේලනය සදහා උතුරින් දෙමළ ජනතාවත් නැගෙනහිරින් මුස්ලිම් ජනතාවගේත් වැඩි සහභාගීත්වයක් අපේක්ෂා කරනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා මෙරට සංචාරය නිමා කරමින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව වඩාත් සුබවාදී ගමන් මාවතක ගමන් කිරීම තම ප්‍රශංසාවට හේතු වන කරුණක් බවයි.

ජනවර්ග අතර සුහදතාවය සහ සංහිදියාව වර්ධනය වීම වේගවත්ව සිදු වන බවත් එහිදී අදහසක් ලෙස ඉදිරිපත් විය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම තවත් කණ්ඩායමක් වන හිටපු ජනාධිපතිවරයාගේ ඒකාබද්ධ විපක්ෂය පාර්ශවය චෝදනා කර සිටින්නේ සංහිදියාවට මුවා වෙමින් රණවිරුවන් දඩයම් කිරීම වර්තමාන යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි.කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගනය අසල පැවති රණවිරු ස්මාරකය කඩාබිද දැමීමට පවා වර්තමාන ආණ්ඩුව නීච වී ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයේ අදහස වූයේ.
කෙසේ වෙතත් සැප්තැම්බර් මස 4 වන දින කුරුණෑගලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය තීරණය වීමට නියමිතය.කුරුණෑගල යනු,ශ්‍රී ලංකා හමුදාවන්හි වැඩිම රණවිරුවන් පිරිසක් බිහි වූ දිස්ත්‍රික්කයයි.රටේ සාක්ෂරතාව මට්ටම අනූව කුරුණෑගල ප්‍රධාන ස්ථානයක් හිමි කර ගෙන තිබේ.රාජ්‍ය සේවකයින් සැළකිය යුතු ප්‍රමාණයක්ද කුරුණෑගල නියෝජනය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුරුණෑගලින් හිත් දිනා ගත හැකි වෙයිද?


Lanka dna-ඉෂාර ලක්මිණ.



Share on Google Plus