"ත්‍රස්ථවාදයට එරෙහිව යුද්ධය."ඇමරිකානු ඇස් ඇරවූ ප්‍රහාරය! (ඉෂාර ලක්මිණ.)


2001 සැප්තැම්බර් මාසයේ 11 අගහරුවාදා දිනයේ උදෑසන 8.45 ට පමණ ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථාන උතුරු කුළුණේ 80 වෙනි මහල වෙත ඇමරිකානු ගුවන් සේවයේ බොයින් 767 ගුවන් යානාව කඩා වැදුනි.පළමු ගුවන් ප්‍රහාරය සිදු වී විනාඩි 18 කට පසුව ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථාන දකුණු කුළුණ ආසන්නයෙන් ගමන් ගත් ඇමරිකානු ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානාවක් එක්වරම ලෝක වෙළද මධ්‍යස්ථානය දෙසට හරවා 60 වන මහල වෙත වේගයෙන් කඩා වැදුනි.

මෙම ප්‍රහාරයන් 2න් 2,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.6,000 කට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලැබූහ.උදෑසන 9.45ට පමණ ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වූ බටහිර පෙන්ටගනය වෙත ඇමරිකානු ගුවන් සේවයට අයත් බොයින් 757 යානාව ප්‍රහාරයක් එල්ල කරමින් කඩා වැටෙන්නට සලස්වන ලදි.එහිදී යුද්ධ හමුදා නිලධාරීන් 125ක් ජීවිතක්ෂයට පත් වූහ.ගුවන් මගීන් 64ක් යානය තුළ විනාශ වන මොහොතේදී සිටිය බවට අනාවරණය වේ.

තවත් ත්‍රස්ථයින් පැහැරගත් ගුවන් යානයක් ප්‍රහාර දියත් කිරීමට ප්‍රථමයෙන් බටහිර පෙනිසිල්වේනියා අහසේදී බිම හෙළීමට ඇමරිකානු ආරක්ෂක අංශ සමත් විය.එහි ඉලක්කය වන්නට ඇත්තේ ප්‍රධාන වරායක් හෝ ධවල මන්දිරය විය යුතුය.මෙම ප්‍රහාරයෙන් අනතුරුව ජාතිය අමතමින් එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ප්‍රකාශ කළේ, "මෙම ප්‍රහාරය මගින් ත්‍රස්ථයන්ට දැවැන්ත ගොඩනැගිලි බිද හෙළිය හැකි වුවද,ඇමරිකාව බිහි වූ දැවැන්ත පදනම බිද හෙළිය නොහැකි වූ බවයි.ඇමරිකානු අධිෂ්ඨානය බිද වැට්ටවිය නොහැකි බවයි.තම රාජ්‍ය ත්‍රස්ථවාදයට එරෙහිව සියලු ආකාරයෙන් යුද්ධය පිළිගන්නා බවත් එලෙස ත්‍රස්ථවාදීන්ට එරෙහිව යුද්ධ වදින රාජ්‍යන් කොන්දේසි විරහිතව තමන් පිළිගන්නා අතර යම් රාජ්‍යක් ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයට අකමැති වේද එම රාජ්‍යට සියලු ආකාරයේ ද්‍රෝහිකම් දරාගත යුතු බවත්ය."

මෙම ඇමරිකානු ප්‍රහාරයන් දියත් කළ 'අල්ජිහාඩ්-අල්-ක්යිඩා' ත්‍රස්ථ සංවිධානයේ නායක ඔසාමා-බින්-ලාඩන් ආයුධ අතින් මෙන්ම අවි පුහුණුව අතින්ද පෝෂණය කරන ලද්දේ 1980 දශකයේ අග භාගයේදී ඇමරිකාව විසින්ම වේ.ඒ රුසියානු ඇෆ්ගනිස්ථානු ආක්‍රමණයට එරෙහිව සහ රුසියාවේ බලය ලෝක මට්ටමින් ව්‍යාප්තියට එරෙහි පිළිවෙතක් ලෙසය.නමුත්,ඇමරිකාව විසින් ඇති දැඩි කළ ඔසාමා-බින්-ලාඩන් සුරතල් ත්‍රස්ථ නායකයා අවසානයේ ඇමරිකාවටම පාරා වළල්ලක් විය.

ඇමරිකාව විසින් එදා 2001සැප්තැම්බර් 11 ත්‍රස්ථ ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්ථවාදයට එරෙහිව යුද්ධය යැයි පැවසුවද 2009 ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් ලොව බිහිසුණුම ත්‍රස්ථ සංවිධානය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව අවසන් යුද්ධය මෙහෙයවද්දී එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් කිඹුල් කදුළු හෙළීම විමතියට කාරණාවකි.වර්තමානයේ පවා ඇමරිකාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද්ධමය වශයෙන් පරාජයට පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට යුද්ධ අපරාධ චෝදනා නගයි.
2002 ඇමරිකානු හමුදාවන් විසින් ඇෆ්ගනිස්ථානය තුළ,2003 ඉරාකය තුළ සිදු කරන ලද යුද්ධ අපරාධ සහ කාන්තා දූෂණයන් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ජාත්‍යන්තර මාධ්‍ය කේඩරයන්ට මෙන්ම වර්තමාන යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයාට පවා විමසීමට කොන්දක් නොමැති වීම විමතියට මෙන්ම ලජ්ජාවට කරුණකි.

ත්‍රස්ථවාදය ගාසා තීරයේ බිහි වුවත්,අරාබිකරයේ බිහි වුවත්,මෙක්සිකෝවේ,ප්‍රංශයේ,ඉතාලියේ,ස්පාඥයේ,ටිබෙටයේ,මියන්මාරයේ ,සුඩානයේ,ඉතියෝපියාවේ, බ්‍රසීලයේ බිහි වුවත් එය ත්‍රස්ථවාදයම වේ.ලෝක නායකයින් ත්‍රස්ථවාදය කොන්දේසි විරහිතව පරාජයට පත් කිරීමට පෙරමුණ ගත යුතුය.


Lanka dna-ඉෂාර ලක්මිණ.



Share on Google Plus