නියඟයෙන් තුන් ලක්‍ෂයක් ජනතාව පීඩාවට!(Lanka dna).


රට තුළ පවතින නියඟය හේතුවෙන් තුන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

රට පුරා පවුල් 78,000 කට අයත් පුද්ගලයන් 310,000 කට ආසන්න පිරිසක් මෙම නියඟය නිසා පිඩාවට පත්ව ඇති බවයි ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ.

ඒ අතරින් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවයි.
වන සතුන්

ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය වන පානීය ජල ගැට‍ළුව සමනය කිරීම සඳහා ජලය බෙදාහැරීමට වැඩපිළිවෙලක් සලසා ඇති බවයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසන්නේ.

නියඟය හේතුවෙන් වැව් රැසක් සිඳී ගොස් ළිංවල ජල මට්ටම ද ශීඝ්‍රයෙන් පහත බැස තිබීම හේතුවෙන් ජනතාවට මෙන් ම වන සතුන්ට ද පානීය ජල ගැටලුව බලපා තිබේ.

මේ අතර පානීය ජල ගැටළුවෙන් පීඩා විදින ජනතාවට ජලය ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 181ක මුදලක් වෙන් කර තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.


උපුටා ගැනීම බී.බී.සී.සිංහල සංදේශය වෙබ් අඩවියෙනි.
Share on Google Plus