යාපනයේ කුමක් සිදුවේද? (Lanka dna).



ඊයේ දිනයේ (2016.10.21)  යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් යැයි අනුමාන කළ හැකි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කරන අවස්ථාවේදී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගිය සිදු වීමක් වාර්තා විය.එය කොළඹට වාර්තා වන විට පස්වරුවට ආසන්න වීම කියාපාන්නේ තවමත් උතුර සහ දකුණ අතර ඇති දුරස්ථ භාවයයි.

පොලිසිය පාර්ශවය සදහන් කරන ආකාරයට අදාළ මිය ගිය තරුණයින් මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් යැයි හෙළිදරවු වී තිබේ.උතුරේ එල්.ටී.ටී.ඊ. පාලනය මුළුමනින්ම බිද වැටුන 2009.05.19 දින සිට හමුදා පාලනය මගින් උතුරේ සිවිල් සමාජය ජන ජීවිතය යළි ගොඩනැගීමක් 2015 වර්ෂයේ මුල් භාගය වන තෙක් දැක ගත හැකි විය.එම කාලය තුළ උතුරේ කිසිදු අපචාරයක් හෝ ජාවාරමක් වාර්තා නොවීම විශේෂ තත්වයකි.

2015 ජනාධිපතිවරණය ජයගත් යහපාලන/සංහිදියා පාර්ශවය මගින් උතුරේ සිවිල් ජන ජීවිතය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් සංනද්ධ හමුදාවන් සියල්ලම ඉවත් කිරීමටත් කදවුරු පිහිටි ඉඩම් කඩිනමින් සිවිල් ජනතාවට ලබා දීමටත් ක්‍රියා කරන ලදි.ඒත් සමගම 'විද්‍යා' නම් දැරිය ඉතා අමානුෂික ලෙස දූෂණයට ලක්ව මිය යෑමේ සිදු වීම වාර්තා විය.මධ්‍යස්ථ මත ධාරී උතුරේ සිවිල් ප්‍රජාව යුද්ධ හමුදා කදවුරු පැවති සමයේ මෙවන් ඛේදනීය සිදුවීම් නොවූ බවත් යුද්ධ හමුදාව නිරායුධව හෝ තවදුරටත් රදවා තබන ලෙස ආණ්ඩුවෙන් ආයාචනා කිරීමටද විය.

යාපනයේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය පිරිසකට 'ශෂීදරන්' නම් අන්තවාදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයා ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් දරුණු ලෙස පහර දී විශ්වවිද්‍යාලය කෙටි කාලයක් වසා තැබීමටද සිදු විය.මෙවර සිදු වූයේ යාපනය තුළ වසරක් තුළ සිදු වූ මීළග බරපතළ සිදු වීමයි.මේ වන විට පොලිස් නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් කැදවා තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරම් වෙනම රාජ්‍ය පිහිටුවීමට පෙර තමන් සතු බලතල ප්‍රකාරව යාපනයේ සිවිල් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට පෙරමුණ ගත යුතුව තිබේ.ඒ සදහා අවශ්‍ය පහසුකම් ජනාධිපතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුවෙන් ලබා ගත යුතුය.
කෙසේ වෙතත් අපගේ මතය නම් 1975,1981 සිදු වූවා මෙන් බරපතළ සිදු වීම් වීමට යාපනය තුළ ඉඩක් නොදිය යුතු බවත් බුද්ධි අංශ ඉතාම සක්‍රීයව තබා යාපනය තුළ පොලිස් ආරක්ෂාව වහාම තහවරු කළ යුතු බවයි.තමිල්නාඩුවෙන්/කේරලයෙන් යාපනය වෙත එන නීති විරෝධී මත්ද්‍රව්‍ය වහාම පාලනය කිරීම කළ යුතුව තිබේ.ඉන්දියාව අප වෙත නොමිලයේ ගිලන් රථ ලබා දෙන්නේ සම්පූර්ණ සද් භාවයෙන් නොවන වගත් මතක තබා ගත යුතුව තිබේ.


Lanka dna-ඉෂාර ලක්මිණ






Share on Google Plus