"වසර අවසානයට පෙර 'එට්කා' අත්සන් තබනවා!"-අගමැති රනිල් කියයි.(Lanka dna).


මෙම වසර අවසන් වීමට පෙර ඉන්දියාව සමඟ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

දිල්ලි නුවර දී ඔහු මේ බව කියා සිටියේ ලෝක ආර්ථික සමුළුව විසින් සංවිධානය කරන ලද ඉන්දීය ආර්ථික සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වමිනි.

මෙහිදී අගමැතිවරයා තව දුරටත් කියා සිටියේ වසර 2020 වන විට ලංකාවේ අයවැය පරතරය සියයට 3.5 දක්වා අඩු කරන බවයි.

මේ සඳහා දැනට ශ්‍රී ලංකාවේ පවතින විනිමය නීති රීති වඩා නම්‍යශීලී කරන බවත් රටේ බදු ප්‍රතිපත්තිය ලිහිල් කරන බවත් ඔහු පැවසීය.
 

'ආර්ථික කොරිඩෝරය'

එමගින් වෙළඳ සහ සේවාවන්ට අගය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම තම අපේක්ෂාව බව අගමැති වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අනාගතය නව හැරවුම් ලක්ෂයකට යොමු කරවන ප්‍රධාන ව්‍යාපෘති දෙකක් පිළිබඳව අගමැතිවරයා මෙහිදී අවධාරණය කරයි.

ඉන් පළමුවැන්න 'මහනුවර - කොළඹ - හම්බන්තොට ආර්ථික කොරිඩෝරය' වන අතර දෙවැන්න 'රජරට කොරිඩෝරය'යි.

එමගින් ආයෝජන අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි වන බවයි ඔහු පවසන්නේ.



 උපුටා ගැනීම -බී.බී.සී. සිංහල සංදේශය වෙබ් අඩවියෙනි.
Share on Google Plus