ජනපතිට සහ අගමැතිට සමාජ මාධ්‍ය මගින් දැවැන්ත ජනතා විරෝධයක්!



2016.11.07 ඊයේ දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට යුද්ධයේදී ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන් විසින් තම විශ්‍රාම වැටුප වැඩි වන ජීවන වියදමට ප්‍රමාණවත් ලෙස වැඩි කර දෙන්නයැයි ඉල්ලීම මුල් කර ගනිමින් පැවති සාමකාමී උද්ඝෝෂණය භික්ෂූන් වහන්සේලාගේ පැමිණීමත් සමග උණුසුම් මුහුණුවරක් ගැනීමත් සමග ජාත්‍යන්තරව ආබාධිත පුරවැසියන් කෙරෙහි අනුගමනය කරනු ලබන සම්මත අයිතිවාසිකම් නීති පවා උල්ලංඝනය කරමින් දැවැන්ත ජල පීඩක ප්‍රහාර සහ දැවැන්ත කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගන්නා ලදි.
මෙම සිදුවීම මූලික කරගෙන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නිහැඩියාව පිළිබදව විරෝධය පාමින් ඊයේ සවස් යාමයේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල ෆේස් බුක් ගිණුම සහ අග්‍රාමාත්‍ය වරයා වෙනුවෙන් සිරිකොත මාධ්‍ය ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන ෆේස් බුක් ගිණුම් වෙත දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතී.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නිල ෆේස් බුක් ගිණුම වෙතද,ජනතාවගෙන් දැවැන්ත විරෝධයක් එල්ල වී තිබෙන ආකාරය අද (2016.11.08 ) පෙරවරුව වන විටත් දැක ගත හැකි විය.




වාර්තා කළේ - Lanka dna (ඉෂාර ලක්මිණ.)




Share on Google Plus