චාමර දණ ගැස්වූ ගුරුවරියට මානසික රෝගයක් ලු - බදුල්ල උණුසුම්


අද  පෙරවරුවේ කට උත්තරයක් ලබාදීම සඳහා බදුල්ල පොලිසිය වෙත ගිය ඌව මහ ඇමතිවරයා විසින් දණගැස්වූ බව හෙළිවූ  බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය බදුල්ල පොලිසිය විසින් ස්ථාන පරීක්ෂාවක් යැයි පවසා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ නිල නිවසට රැගෙන ගොස් ඇත. 

අනතුරුව බදුල්ල පොලිසිය විසින් ඇයට මානසික රෝගයක් ඇති බව පවසා බදුල්ල මහ රෝහලේ මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ. 

මෙම සිදුවීමත් සමඟ බදුල්ල පොලිසිය සහ මහ රෝහල ආශ්‍රිතව උණුසුම් කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. 

කෙසේ වෙතත්, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක  එම පළාතේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. 

ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ විදුහල්පතිවරියක දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙලෙස ඉල්ලා අස් වූ බව ය.

මේ අතර විදුහල්පතිනික් දණ ගැස්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරට උපදෙස් ලබාදී ඇතැයි ද පැවසේ.

Share on Google Plus