උතුරේ ද්‍රවිඩ ජනතාවගේ එකමුතුකම නැත්නම් යුධ හමුදාව ඉවත් කල නොහැකියි


2018.01.22 වන දින උදයන් පුවත් සිරස්තල

01. උතුරු පළාතේ දෙමල ජනතාවට අයත් ඉඩම්හි කාලයක් මුලුල්ලේ රජයේ අවසර ඇතිව යුද්ධ හමුදාව රැදී සිටින බවත්, උතුරු පළාත් මහ ඇමති සිවී විග්නේෂ්වරන් විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇති බව සදහන්.

02. වවුනියාව  ඕමන්ත පෙරියවලාතිකුලම් ගම්මානයට යන මාර්ගය දුම්රිය දේපාර්තුමේන්තු නිළධාරීන් විසින් වසා දැමීමට විරෝධය පලකරමින් පෙරේදා උදෑසන කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සීග‍්‍ර ග‍්‍රාමි දුම්රිය  ඕමන්ත ප‍්‍රදේශයේදී නතරකර ගම්වාසීන් විසින් උද්ඝෝෂණයක නිරත වී ඇති බව සදහන්.

03. පෙරේදා දින පොලිස්පති පූජිත ජයසුන්දර මුලතිව් ප‍්‍රදේශයේ සංචාරයක නිරතවී ඇති බව සදහන්.

2018.01.22 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. යාපනය ආරුකාල්මඩම් ප‍්‍රදේශයේ නිවසක මහලු පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ දින රාත‍්‍රි පොලීසිය විසින් සොයාගෙන ඇති බවත්, මෙම මරණය සැක සහිත බව මානිප්පායි පොලීසිය සදහන් කරයි.

02. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුව එංගලන්තයේ හවුන්ස්ලෝ ශ‍්‍රි ලංකා ජනහඩ පදනමෙන් යාපනයේ අඩු ආදායම්ලාබි පාසල් දරුවන් 50 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරීමේ උලෙළක් ඊයේ දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදි පවත්වා ඇති බවත්, එහිදි එංගලන්තයේ හවුන්ස්ලෝ ශ‍්‍රි ලංකා ජනහඩ පදනම වෙනුවෙන් ශ‍්‍රිලාල් ඩයස් ඇතුලු එංගලන්තයේ වෙසෙන ශ‍්‍රි ලංකිකයින් පිරිසක් සමගින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා, යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වෙිදනායහම්, යාපනය රේගූ අධ්‍යක්‍ෂ වසන්ත සිල්වා ඇතුලු පිරිසක් මෙම උත්සවයට සහභාගි වී ඇති බවත්, මෙහිදි ශිෂ්‍යත්ව හිමිකරගත් පාසල්ද රුවන්හට මසකට රු:5000.00 බැගින් වසර 05ක කාලයක් ප‍්‍රථිලාභ හිමිවනු ඇති බවට සදහන්. (මෙම පුවත තිනකුරල් පුවත්පතේද පලවී ඇති බව සදහන්)

2018.01.22 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. උතුරේ සිටින ද්‍රවිඩ ජනතාවගේ එකමුතුකම නොමැති වුවහොත් යුධ හමුදාව උතුරෙන් ඉවත් කල නොහැකි බව උතුරු පළාත් මහ ඇමති සී.වි විග්නේෂ්වරන් විසින් මාධ්‍යට පවසා ඇති බව සදහන්.

2018.01.22 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. පෙරේදා දින කතරගම ප‍්‍රදේශයේ සිදුවූ පොලීස් වෙඩි තැබීමට විරෝධය පලකරමින් සිවිල් ජනතාව විසින් කතරගම පොලීසිය ඉදිරිපිටදී ඊයේ දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා ඇති බවත්, එහිදි එම ජනතාව විසින් පොලීසිය වෙත ගල් මුල් ප‍්‍රහාර ද එල්ලකර ඇති බව සදහන්.

02. නේපාල යුධ හමුදාපති ජෙනරාල් රාජේන්ද්‍ර සේත‍්‍රි පෙරේදා දින මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණ ඇති බවත්, එහිදි මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා හමුවී සුහද සාකච්ඡාවක නිරතවී ඇති බව සදහන්.

01. තායිලන්ත ශ‍්‍රී ලංකා තානාපතිවරිය ඊයේ දින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හමුවී විශේෂ සාකච්ඡාවක යෙදී ඇති බවත්, එහිදි ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට තානාපතිනිය විසින් එකතු වී ඇති බව සදහන්.
Share on Google Plus