යාපනය පීඨ දෙකක් අතර ගැටුමක් - සිසුන් 05කට තුවාල


2018.01.12 වන දින උදයන් පුවත් සිරස්තල

01. උතුරේ සිටින ජනතාවගේ ඉඩම් 80% ක් පමණ මේ වන විට නිදහස්කර ඇති බවත්, රටේ ආරක්‍ෂාවට බළපාන ඉඩම් මුදා හැරීමට නොහැකි වීම ගැන තමන් කණගාටු වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පෙරේදා දින පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇති බව සදහන්.

02. ඊයේ දින දහවල් යාපනය විශ්ව විද්‍යාලයේ පීඨ දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.

2018.01.12 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. යාපනය අරසඩි ප‍්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සහ දරුවන් 05 දෙනෙකු දින 05 ක් තිස්සේ අතුරුදහන් වී ඇති බව යාපනය පොලීසිය සදහන් කරයි. 

02. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පදවි කාලය වසර 06 ක් වලංගු වන බව නීතිපති විසින් ඊයේ දින ප‍්‍රකාශකර ඇති බව සදහන්.

03. එල්ටිටිඊ සැකකරුවන්ට එරෙහිව පවතින නඩු විභාග කිරීම අධිකරණයේ කටයුත්තක් බව ජනාධිපති කොමාසම විසින් ඊයේ දින පවසා ඇති බව සදහන්.

04. මුලතිව් දිස්ත‍්‍රික්කයේ අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලා කරන උද්ඝෝෂණ ව්‍යාපාරය ඊයේ දින 310 වන දිනටත් ක‍්‍රියාත්මක කර ඇති බව සදහන්.

2018.01.12 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම සදහා ඉන්දිය රජය විසින් ඩොලර් මිලියන 45.27 ක මුදලක් ලබාදී ඇති බව සදහන්.

02. යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ මග පෙන්වීම යටතේ මල්වතු මහා විහාරයේ සුසරණ ලංකා පදනමේ අනුග‍්‍රහයෙන් සිවිල් වැසියන් 23 දෙනෙකු හට ඇස් කණ්නාඩි බෙදා දීමේ උත්සවයක් 522 බළසේනා මූලස්ථානයේදී පැවැත්විය. මෙම අවස්ථාවට 522 වන බළසේනාධිපති කර්නල් කමල් පින්නවල සහ 15 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිල සුසරණ ලංකා පදනමේ වෛද්‍ය නිළධාරීන් හා ප‍්‍රදේශවාසීන් සහභාගි වී ඇති බව සදහන්.

03. එක්සත් රාජ්‍යයේ ශ‍්‍රී ලංකාව පිළිබද පත්කර ඇති නිළධාරීන් කණ්ඩායමක් ඉකුත් දිනයකදී යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයට පැමිණ ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටි ආරච්චි හමුවී එම කණ්ඩායම් ප‍්‍රධානී තෝමස්රීයු සහ ආරක්‍ෂක සේනා ආඥාපති අතර, සංහිදියාව සමාදානය පිළිබදව සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, පසුව ආඥාපතිතුමා විසින් ඔහුනට සිහිවටනයක් ද ලබාදී ඇති බව සදහන්

2018.01.12 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. මුලති් වට්ටුවාකල් ප‍්‍රදේශයේ ද්‍රවිඩ ජනතාවට අයත් ඉඩම් අක්කර 640 ක් නාවික හමුදාව විසින් පරිහරණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර ඊයේ දින යාපනයේදී පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇති බව සදහන්.

02. එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සදහා යුධ හමුදා සෙබළ සෙබළියන් 200 ක කණ්ඩායමක් පෙරේදා දින දිවයිනෙන් පිටවී ඇති බව සදහන්.
Share on Google Plus