යාපනය සරසවි ගැටුම - සිසුන් 04ක් බන්ධනාගාරයට


2018.01.23 වන දින උදයන් පුවත් සිරස්තල

01. යාපනය විශ්ව විද්‍යාලයේ පසුගිය බ‍්‍රහස්පතින්දා දින ඇතිවූ ගැටුමට සම්බන්ධ සිංහල සිසුන් 04 දෙනෙකු මෙම මස 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධණාගාර ගතකර ඇති බව සදහන්.

02. කිලිනොච්චි ප‍්‍රදේශයේ වයස අවුරුදු 12 ක පාසල් සිසුවියක් 2010 වර්ෂයේ දී අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමට අදාලව අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු හට ඊයේ දින යාපනය මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 10 ක සිර දඩුවම් ලබාදී ඇති බව සදහන්.

03. ඊයේ දින සිංගප්පූරුවේ අගමැති ලීසිසෙයන්  දෙදින නිළ සංචාරයක් සදහා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සදහන්.

2018.01.23 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. එල්ටිටිඊ සංවිධානයට අයත් වතුර යටින් ගමන් කල හැකි බෝට්ටු 02 ක් මුල්ලිවෛකාල් ප‍්‍රදේශයේ තිබී හමුවී ඇති බව සදහන්.

02. චීනයේ නව තානාපති සෙන්සුවේයුවාන් පෙරේදා දින ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සදහන්.

03. තායිලන්ත තානාපති සුලමනී සාඩ්සුවාන් පෙරේදා දින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සමග පැවති හමුවකදී ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට උදව් ලබා දෙන බව පවසා ඇති බව සදහන්.

2018.01.23 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. යාපනය ආරුක්කාල්මඩම් ආනෛයිකෝට්ටේයි ප‍්‍රදේශයේ මහලු කාන්තාවකට පහරදී මරා දැමීමේ සිදුවීමට අදාලව සැකපිට පුද්ගලයින් 05 දෙනෙකු මානිප්පායි පොලීසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

2018.01.23 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. පෙරේදා දින නේපාල යුධ හමුදාපති ජෙනරාල් රාජේන්ද්‍ර සේත‍්‍රි ශ‍්‍රී ලංකා යුධ හමුදාපති මහේෂ්සේ නානායක හමුවීමෙන් පසු ඔහුගේ පස් දින සංචාරය නිමකොට නැවත සිය රට බලා පිටව ගොස් ඇති බව සදහන්.

02. යාපනය දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් දරුවන් 50 දෙනෙකු වෙත මාසිකව රුපියල් 5000 බැගින් වසර 05ක කාලයක් ලබා ගැනීමට හැකි වන පරිදි ශිෂ්‍යත්ව ලබා දීමේ උත්සවයක් පසුගිය ඉරිදා දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් පැවති බව සදහන්.
Share on Google Plus