ද්‍රවිඩ ජනතාව ඊලම ඉල්ලුම් කිරීම සාධාරණය - හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා


2018.01.24 වන දින උදයන් පුවත් සිරස්තල

01. යාපනය වෙත්තලකේනි ප‍්‍රදේශයේ ඊයේ සවස මුහුදේ පා වෙමින් තිබූ පාර්සලයක් නාවික හමුදාව විසින් පරික්‍ෂාකල අවස්ථාවේදී එහි තිබී කේරළ ගංජා කිලෝ 113 ක් සොයාගෙන ඇති බවත්, මෙම සිදුවීමට අදාලව කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත්, අද දින මෙම මත්ද්‍රව්‍ය තොගය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්. 
(මෙම පුවත තිනකුරල් පුවත්පතේ පලවී ඇත)

02. වවුනියාව ප‍්‍රදේශයේ අතුරුදහන් පුද්ගලයින්ගේ ඥාතීන් විසින් කරන උද්ඝෝෂණයට වසරක් ගෙවී ගියද කිසිදු පිලිතුරක් ලැබී නොමැති බව එම ජනතාව විසින් මාධ්‍යට පවසා ඇති බව සදහන්. 
(මෙම පුවත තිනකුරල් පුවත්පතේ පලවී ඇත)

03. සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප‍්‍රදේශවලට ලබා දී ඇති සංවර්ධන කටයුතු ද්‍රවිඩ ජනතාව ජීවත් වන ප‍්‍රදේශවලට ලබා දී නැති බවත්, ද්‍රවිඩ ජනතාව තමන්ටම කියා ද්‍රවිඩ ඊලම ඉල්ලුම් කිරීම සාධාරණයක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසා ඇති බව සදහන්. 
(මෙම පුවත වාලම්පුරි පුවත්පතේ පලවී ඇත)

04. යාපනය ඌර්කාවට්තුරෙයි පරදිඅඩිප්පු ප‍්‍රදේශයේ පුද්ගලික ඉඩමකින් අක්කර 02ක් නාවික හමුදාවේ භාවිතය සදහා පවරාගෙන ඇති බව සදහන්.

05. යුධ හමුදාව සතුව තිබූ මයිලඩි ක්‍ෂය රෝග රෝහල වසර 30 කින් පසුව සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇති බව සදහන්.

2018.01.24 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. දැනට මෙරට බන්ධනාගාර ගතකර සිටින ඉන්දිය ධීවරයින් 98 දෙනෙකු මෙම සතිය අවසානයේ නිදහස් කිරීමට නියමිතව ඇති බව සදහන්. 
(මෙම පුවත කාලෙ‍ෙකදීර් පුවත්පතේ පලවී ඇත)

2018.01.24 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. ඌර්කාවට්තුරෙයි පන්නෙයි වීදියේදි 2018 ජනවාරි මස 05 වන දින යුධ හමුදාවට අයත් වාහනයකට යටවී ඇති වයස අවුරුදු 75 ක පුද්ගලයෙකු ප‍්‍රථිකාර සදහා යාපනය ශික්‍ෂණ රෝහල වෙත ඇතුලත්කර ඇති බවත්, එහිදි එම පුද්ගලයා මියගොස් ඇති බව යාපනය පොලීසිය සදහන් කරයි. 

02. යාපනය අරියාලේ මානියම්තෝට්ටම් ප‍්‍රදේශයේ තරුණයෙකු හට වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට දැනට බන්ධනාගාර ගතකර සිටින පොලීස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාගේ නඩු වාරය ඊයේ දින විභාගයට ගත් අතර, එහිදි මහාධිකරණ විනිසුරුවරයා විසින් මොවුන් දෙදෙනා යලිත් 2018 පෙබරවාරි මස 06 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝගකර ඇති බව සදහන්.

03. යාපනයේ නොයෙකුත් ප‍්‍රදේශයන් තුල මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ තෙලිප්පලේ, නාවක්කුලි ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු ඊයේ දින මානිප්පායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

2018.01.24 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයේ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්හි නිරතවී සිටි පුද්ගලයින් 04 දෙනෙකු මුලතිව් ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

02. දුම්රිය සේවකයින් යලිත් වතාවක් අද දින සිට වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් බව සදහන්.
Share on Google Plus