09 හැවිරිදි සිසුවියක් නාවික හමුදා බෆල් රථයකට යටවී මරුට


2018.01.25 වන දින උදයන් පුවත් සිරස්තල

01. යාපනය පුන්කුඩිතිව් ප‍්‍රදේශයේ ඊයේ උදෑසන 07.30ට පමණ පාසල වෙත ගමන් කරමින් සිටි වයස අවුරුදු 09 ක පාසල් සිසුවියක් නාවික හමුදාවේ බෆල් රථයකට යටවී මියගොස් ඇති බව සදහන්. 
(මෙම පුවත වාලම්පුරි, තිනකුරල් සහ කාලෙ‍ෙකදීර් යන පුවත්පත් හි පලවී ඇත)

02. චාවකච්චේරිය පොලීසිය විසින් යාපනය තෙන්මරච්චි නැගෙනහිර මරවන්කුලම් ප‍්‍රදේශයේ බංකරයක් තුල සැගවී සිටි මංකොල්ල කල්ලියක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී එම කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු පළා ගොස් ඇති බවත්, තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවත්, අත්අඩංගුවට ගත් තිදෙනා සතුව තිබී රු:- 140000. 00 ක මුදලක් හා පවුම් 2.5 ක රන් ආභරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

03. යාපනය අරියාලේ මානියම්තෝට්ටම් ප‍්‍රදේශයේ තරුණයෙකු හට වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට දැනට බන්ධනාගාර ගතකර සිටින පොලීස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාගේ නඩු වාරය පෙරේදා දින විභාගයට ගත් අතර, එහිදි මහාධිකරණ විනිසුරු වරයා විසින් මොවුන් දෙදෙනා යලිත් 2018 පෙබරවාරි මස 06 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝගකර ඇති බව සදහන්.

2018.01.25 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. යාපනය තාලේඅඩි උතුරු මුහුදු තීරයේ පෙරේදා සවස 05.00ට පමණ විශේෂ මුහුදු සංචාරයක යෙදී සිටි නාවික හමුදා සෙබලුන් විසින් පාර්සල් කල කේරළ ගංජා කිලෝ 110 ක් සොයාගෙන ඇති බවත්, එම ගංජා තොගය ඊයේ දින කන්කසන්තුරය පොලීසිය වෙත භාරදී ඇති බව සදහන්.

2018.01.25 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. 2009 වර්ෂයේ එල්ටිටිඊ සංවිධානය විසින් භාවිතාකල එල්ටිටිඊ සාමාජිකයින් හදුනා ගැනීමට භාවිතාකල අංක තරඩු මාල (Dot tag) මුල්ලි වෛයිකාල් ප‍්‍රදේශයේ තිබී හමුවී ඇති බව සදහන්.

02. එළඹෙන මැතිවරණයට පෙර දින වවුනියාවේ අතුරුදහන් වී සිටින අයවලුන්ගේ ඥාතීන් විසින් කලු පටි පැලද උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට නියමිත බව සදහන්.

02. මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අතුරුදහන්පු ද්ගලයින්ගේ ඥාතීන් විසින් කරන උද්ඝෝෂණ ව්‍යාපාරය දින 323 ක් පසුකර අඛණ්ඩව ක‍්‍රියාත්මක වන බව සදහන්.
(මෙම පුවත කාලෙ‍ෙකදීර් පුවත්පතේ පලවී ඇත)

2018.01.25 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. පැවැත්වීමට නියමිත මැතිවරණයේ ඡන්ද අපේක්‍ෂිකයෙකු වන මුත්තුකුමාර් උදයසිරි යන පුද්ගලයා හට යාපනය පන්නෙයි ප‍්‍රදේශයේදී නාදුනන කල්ලියක් විසින් ප‍්‍රහාරයක් එල්ලකර ඇති බව සදහන්.

02. කන්කසන්තුරය මුහුදු තීරයේදී පෙරේදා දින රාත‍්‍රී 08.00ට පමණ කේරළ ගංජා කිලෝ 186 ක් සමගින් සැකපිට තරුණයෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කන්කසන්තුරයි පොලීසිය වෙත භාරදී ඇති බව සදහන්.
Share on Google Plus