විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා සංසදය හතරකට කැඩෙයි


උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් දෙමළ ජනතා සංසදය මේ වන විට කොටස් හතරකට කැඩී ගොස් ඇතැයි මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ පට්ටිරප්පු කොට්ඨාස නායක පී.අරියනේන්ද්‍රන් පවසයි.

පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කොක්අඩිචෝලෙයි ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී අදහස් දැක්වූ අරියනේන්ද්‍රන්,

"උතුරු පළාතේ ඇතැම් දෙමළ නායකයින් මුලදී දෙමළ ජාතික සන්ධානය සමග සහයෝගයෙන් කටයුතු කළා. මේ වන විට ඔවුන් වෙන්වෙලා තනි තනිව මැතිවරණයට තරග කරනවා. උතුරේ පැවැති යුද්ධයෙන් පසු පැවැති සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කර තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයයි. උතුරේ ජනතාවගේ ගැලවුම්කරු දෙමළ ජාතික සන්ධානය බව ජනතාව පිළිගෙන තිබෙනවා. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයගන්නේද දෙමළ ජාතික සන්ධානය" යැයිද ඔහු පවසා ඇත.
Share on Google Plus