පහර දුන්නේ දයා මාස්ටර්ට නොවේ - දකුණේ මාධ්‍ය බොරු වපුරයි


2018.01.09 වන දින උදයන් පුවත් සිරස්තල

01. ඊයේ රාත‍්‍රී පලෙයි ප‍්‍රදේශයේදී නාදුනන පිරිසක් විසින් එල්ලකර ඇති වෙඩි ප‍්‍රහාරයකින් පලෙයි ප‍්‍රදේශයේ පදිංචි වයස 38 ක් වන සිවානන්දමූර්ති සුරේන්ද්‍රන් යන පුද්ගලයා බරපතල ලෙස තුවාල ලබා යාපනය මූලික රෝහල වෙත ඇතුලත්කර ඇති බව පලෙයි පොලීසිය සදහන් කරයි. 

(මෙම පුවත වාලම්පුරි, තිනකුරල් හා කාලෙ‍ෙකදීර් පුවත්පත් හි පලවී ඇත)

02. යාපනය නගරය තුල බෞද්ධ ජනයා නොමැතිකම හේතුවෙන් අපවත්වු යාපනය ශ‍්‍රී නාග විහාරාධිපතිගේ අවසන් කටයුතුවලට යුධ හමුදා සාමාජිකයින් වැඩි පිරිසක් සහභාගී වූ බවත්, විහාරාධිපති හිමිගේ දේහයට ගිණි දැල්වීම යාපනය කොටුව අසල භූමියේ සිදුකල බවත්, එම ස්ථානයේ විහාරාධිපතිගේ ස්මාරකය ඉදිකිරීමට කිසිම අදහසක් නොමැති බව ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී යාපනය නාග විහාරාධිපති විමලරතන හිමියන් විසින් පවසා ඇති බව සදහන්. 

(මෙම පුවත වාලම්පුරි හා තිනකුරල් පුවත්පත් හි පලවී ඇත)

01. අලුත් අවුරුදු පණිවිඩයට එල්ටිටිඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රූපය සහ එල්ටිටිඊ ලාංඡනය සහිත රූප මුහුණු පොත හරහා හුවමාරු කල සාමාජිකයින් දෙදෙනෙකු ත‍්‍රස්ත මර්ධණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන දැනට රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සදහන්. 

(මෙම පුවත වාලම්පුරි හා කාලෙ‍ෙකදීර් පුවත්පත් හි පලවී ඇත)

01. කන්කසන්තුරය ඌරණි කණිෂ්ඨ විද්‍යාලය වසර 27 කින් පසු ඊයේ දින එම විද්‍යාලයේ විදුහල්පති කේ ගජේන්ද්‍රන් විසින් යලි විවෘත කර ඇති බව සදහන්.

2018.01.09 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. මඩකලපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 34 ක් සමගින් තරුණයෙකු පොලීසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

2018.01.09 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. යාපනය මාධ්‍යක් වන ඩෑන් ටීවි ආයතනය තුලට ඊයේ සවස 03.45ට පමණ ඇතුල් වී ඇති නාදුනන පුද්ගලයෙකු විසින් එහි ජනමාධ්‍ය අංශයේ සේවයේ යෙදී සිටි තරුණයෙකුට ප‍්‍රහාරයක් එල්ලකර කිණිස්සකින් ඇන ඝාතනය කිරීමට තැත් කිරීමේ දී එම ආයතනයේ අනිකුත් සේවකයින් විසින් ඔහුව අල්ලා යාපනය පොලීසිය වෙත භාරදී ඇති බව සදහන්.

(මෙම පුවත කාලෙ‍ෙකදීර් පුවත්පතෙ හි පලවී ඇත)

01. මෙවර පළාත් පාලන මැතිවරණ රාජකාරි සදහා යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන බව මැතිවරණ කොමිසමේ නායක මහින්ද දේශප්‍රිය පෙරේදා දින පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පවසා ඇති බව සදහන්.

02. කැනඩා රජයේ මන්ත‍්‍රිවරයෙකු වන හැරී ආනන්ද සංගරී ඊයේ දින මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයක් ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමු වී ඇති බව සදහන්.

03. වැල්වැටිතුරෙයි ප‍්‍රදේශය හරහා ගංජා ප‍්‍රවාහණය කිරීම වැඩිවී ඇති බවත්, මෙම ප‍්‍රවාහණය කිරීම් පොලීසිය දැණුවත්ව සිදු කරන බවත්, එහෙත් පොලීසිය මෙම සිදුවීම් නොදුටු අයුරින් සිටින බව වැල්වැටිතුරේ ජනතාව පවසා ඇති බව සදහන්.

2018.01.09 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ නීති රීති උල්ලංඝනය කල වරදට පැය 24 ක් තුලදී ආධාරක කරුවන් 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

02. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ඇති වැව් 500 ක් යුධ හමුදා ඉන්ජිනේරු බළකාය විසින් අලුත් වැඩියා කටයුතු ආරම්භ කර ඇති බව සදහන්.
Share on Google Plus