මඩු දේවස්ථාන භූමියේ බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිකිරීමේ සැලසුමක්


2018.01.08 වන දින උදයන් පුවත් සිරස්තල

01. වලිකාමම් නැගෙනහිර ප‍්‍රදේශයෙන් මෙවර පාළාත් පාලන ඡන්දයට සහභාගි වීමට නියමිත අපේක්‍ෂිකයෙකුගේ නිවසකට ඊයේ රාත‍්‍රි කඩා වැදී ඇති නාදුනන පිරිසක් විසින් මරණ තර්ජන එල්ලකර ඇති බව කෝපායි පොලීසියට පැමිණිලි කර ඇති බව සදහන්.

02. රජයට කිසිම දැණුම් දීමකින් තොරව වව්නියාව ප‍්‍රදේශයේ පදිංචි වී සිටි ඉන්දිය පුරවැසියන් 27 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මොවුන් අද දින යලිත් ඉන්දියාව බලා පිටුවහල් කිරීමට නියමිත බව සදහන්.

03. කොඩිකාමම් අයියනාර් කෝවිල්අඩි ප‍්‍රදේශයේ පුද්ගලික ඉඩමක තිබී අත් බෝම්බයක් කොඩිකාමම් පොලීසිය සොයාගෙන ඇති බව සදහන් කරයි.

04. පැය 24 ක් තුලදී මැතිවරණ නීති උල්ලංගනය කල සාමාජිකයින් 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර පවසා ඇති බව සදහන්.

2018.01.08 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. යාපනය අත්තිඅඩි ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රි 08.00ට පමණ මොටර් රථයකින් ගමන්ගත් පිරිසකට නාදුනන කල්ලියක් විසින් එල්ලකර ඇති කඩු ප‍්‍රහාරයකින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහල වෙත ඇතුලත්කර ඇති බව පොලීසිය සදහන් කරයි. 

02. පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද නීති උල්ලංඝනය කල සාමාජිකයින් 103 දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

03. වඩමාරච්චි වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී 2018.01.06 වන දින නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝ 90 ක්, අබිං කිලෝ 04 ක් සහ හෙරෝයින් මත් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

04. පොලොන්නරුව මින්නේරිය යුධ හමුදා කදවුරේ සේවයේ කල වයස අවුරුදු 23 ක් වන යුධ හමුදා සෙබලෙකු තම නිවසේදී හදිසියේම අතුරුදහන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඔහු මින්නේරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලීසිය වැඩි දුරටත් සදහන් කරයි.

2018.01.08 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. මන්නාරම් මඩු දේවස්ථාන භූමි ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිකිරීමට යුධ හමුදාව විසින් කිසිම සැලසුමක් කර නැති බව ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උසස් නිළධාරියෙකු පවසා ඇති බව සදහන්.

10. කච්චතිව් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල්වී ඇති ඉන්දිය ධීවරයින් 100 දෙනෙකු හට නාවික හමුදාව විසින් 2018.01.06 වන දින ගුටි බැට දී නැවත පලවා හැර ඇති බව සදහන්.

2018.01.08 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. පාකිස්ථාන යුධ හමුදා අණදෙන නිළධාරියෙකු වන බ්‍රිගේඩියර් හසීප් සෆාර් ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් 2018.01.06 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලගාවී ඇති බවත්, ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කර්නල් රංජන් ජයසේකර මොවුන් සාදරයෙන් පිලිගෙන ඇති බව සදහන්.
Share on Google Plus