විජේදාසගේ නියෝගයකින් රවීගේ ආරක්ෂාව ඉවතට

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායකගේ ආරක්ෂාව අඩු කර තිබේ.

පොලිස්පතිවරයා විසින් රවී කරුණානයකට දුරකථනය පවසා ඇත්තේ, හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ අවශ්‍යතාවය මත ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් එහි දී රවී කරුණානයක පොලිස්පතිවරයාට පවසා ඇතැයි වාර්තා වන්නේ, තම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසයි.

මේ අතර රවී කරුණානයක මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන පිලවෙත සම්බන්ධයෙන් ඔහු කළකිරීමෙන් පසුවෙයි.

මෙම තත්ත්වය යටතේ ඔහු 2020 ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය ලබාදීමට සූදානමින් සිිටින බව ද වාර්තාවේ.

Share on Google Plus