ඇලෝසියස් ඇප නැතිව මාස 09 ක් මහඋළු ගෙට


ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අර්ජුන ඇලෝසියස් ඉදිරියේදී මාස 09 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

රජයේ ප්‍රබලයෙකු අර්ජුන ඇලෝසියස්ට පවසා ඇත්තේ ඇප නොමැතිව මාස 09 ක කාලයක් බන්ධනාගාරයේ සිටීමට සූදානම් වන ලෙස යැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි. 

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට අදාළ බැඳුම්කර ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම හරහා නඩු පැවරිය යුතු බවයි බැඳුම්කර කොමිසමේ වාර්තාව මගින් නිර්දේශ කෙරුණේ.

ඉන් එක් අයෙකු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වන අතර අනෙක් පුද්ගලයා වන්නේ  පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනයි.

ජනපති විසින් පත්කරන ලද බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම අතරතුර පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුරා දින 4ක් ප්‍රශ්න කිරීමද සිදු කළේය.


මේ අතර බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව සභාගත කිරීමෙන් තොරව හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පළක් නොමැති බවට පක්ෂ නායකයින් බොහෝ දෙනෙකු පෙන්වාදීම හේතුවෙන් ඒ පිළිබඳ විවාදය වෙනත් දිනකදී පැවැත්වීමට පක්ෂ නායකයින් අද තීරණය කර තිබේ.
ඒ, අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ය.
ඒ අනුව හෙට දිනයේදී බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව සභාගත කෙරෙනු ඇත.
අදාළ කොමිෂන් වාර්තාව ගැන සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීමකට අනුව ආග්‍රාමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණේ හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ය.

Share on Google Plus