ශ්‍රී ලංකන් ගුවන් සේවයේ චෝදනා එල්ල වූ ඉහළ පෙළ චූදිතයින්ට දඬුවම් ලැබෙන්නේ කවදා ද ?

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අස්වීමේ ලිපි රජය භාර ගැනීමත් සමග නව අන්තර්වාර පාලන කණ්ඩායමක් එම ගුවන් සේවයේ පරිපාලනය භාර ගැනීමට නියමිත බව අනාවරණය වේ.
මේ පිළිබඳව විශ්වාස කටයුතු මුලාශ්‍රයක් උපුටා දක්වමින් Sunday Times පුවත්පත පවසන්නේ හිටපු ආයෝජන මණ්ඩල සභාපතිවරයකු වන තිලාන් විජේසිංහ මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත්කිරීමට යෝජිත බවයි.
මෙම ක්‍රියාවලිය දින කිහිපයක් අතුළත සිදුවනු ඇති බවත් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි භාරගත් බවට රජය නිවේදනය කිරිමෙන් අනතුරුව නව කණ්ඩායම සිය කටයුතු ආරම්භ කරනු ඇති බවට ද වාර්තා වේ.
වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ හරේන්ද්‍ර කේ. බාලපටබැදි හැරුණු කොට සෙසු 06 දෙනාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළහ.
Sunday Times පුවත්පත පවසන්නේ බාලපටබැදිගේ ඉල්ලා අස්වීම පිළිබඳ තොරතුරු වාර්තා නොවුනත් ඔහුත් නව අන්තර්වාර කණ්ඩායමේ සමාජිකයකු වේ ද යන්න පිළිබඳ අවිනිශ්චිත බවයි.
වත්මන් ප්‍රධාන විධායක නිලධාරින් සුරේන් රත්වත්ත තම දූරයේ දිගින් දිගටම කටයුතුකරනු ඇති බව ද Sunday Times සිය මුලාශ්‍රය උපුටා දක්වමින් පවසයි.
මාධ්‍යයෙන් සහ වෘත්තිය සමිතිවලින් එල්ල වූ දැඩි පීඩනය නිසා රජය අනිවාර්යෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි.
Share on Google Plus