ආවා කල්ලියේ මොට්ට සිවා අත්අඩංගුවට


2018.01.11 වන දින උදයන් පුවත් සිරස්තල

01. කිලිනොච්චි මූලික රෝහල ඉදිරිපිට මාර්ගයේ දමාගොස් තිබී දවසක් පමණ වයසැති බිළිදෙකු ඊයේ දින හමුවී ඇති බව කිලිනොච්චි පොලීසිය සදහන් කරයි.

02. පසුගිය මස 29 වන දින සිදුවූ රිය අනතුරකින් රෝහල්ගතකර සිටි වයස අවුරුදු 68 ක පුද්ගලයෙකු ඊයේ දින යාපනය මූලික රෝහලේදී මියගොස් ඇති බව සදහන්.

03. බි‍්‍රතාන්‍ය වෙත සංචාරය සදහා ගිය යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීයෙකුගෙන් එරට රජය විසින් යුධ අපරාධ පිලිබදව ප‍්‍රශ්ණකර ඇති බව සිංහල පුවත්පතක් මගින් පසුගිය දිනක ප‍්‍රවෘත්තියක් පලවී තිබූ බව සදහන්.

2018.01.11 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. හිටපු මහ ඇමති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්හට විදේශ ගතවීම සදහා පනවා තිබූ තහනම පෙරේදා දින කොළඹ මහාධිකරණය විසින් ඉවත්කර ඇති බව සදහන්.

02. කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලනය පිලිබදව පත්කර ඇති අධිකාරිණි කෙල්ලී ෆිලිංස්ලි පෙරේදා දින ත‍්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේදි නැගෙනහිර පළාත් භාර නාවික හමුදා ප‍්‍රධානී රියාද් අද්මිරාල් නිමල් සරත්සේන හමුවී විශේෂ සාකච්ඡුාවක යෙදී ඇති බව සදහන්.

2018.01.11 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01.ආවා කල්ලියට සම්බන්ධ මොට්ට සිවා - කෙට්ට සිවා නමින් හදුන්වන පුද්ගලයෙකු ඊයේ දින මානිප්පායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

2018.01.11 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංහිදියාව ඇති වන කච්චතිව් ශාන්ත අන්තෝණි දේවස්ථානයේ උත්සවය ලබන මස 23 හා 24 යන දිනයන්හීදි පැවැත්වීමට නියමිත බව සදහන්.

02. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ වැලිකන්ද හා වාකරේ යන ප‍්‍රදේශවල පාසල් දරුවන් හට පාසල් පොත් බෙදා දීමේ උත්සවයක් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත 23 වන සේනාංකය හා 233 බලසේනා මූලස්ථානය විසින් සංවිධානය කර ඇති අතර, මෙම උත්සවය සදහා යුධ හමුදා නිළධාරීන් හා සෙසු නිළයින් පිරිසක් සහභාගි වී ඇති බව සදහන්.
Share on Google Plus