පොහොට්ටුව හිරකරන දේශප්‍රියගේ ආගමික ලෝකෝත්තරය

කිසිදු මැතිවරණ කලෙක නොදැමූ නිතීයක් සම්මත කිරීමට මෙවර මැතිවරණයේ දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු යහපාලිතයින් උත්සහයක නිරතව සිටිති.
ඔහුගේ මෙම උත්සහය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කේවට්ට පොහොට්ටු දේශපාලනය සිරකිරීමේ අරමුණින් දැයි අප විමසමු.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය
ආගමික ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරිම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
''බෞද්ධ හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා, හින්දු හෝ වේවා, කතෝලික හෝ ක්‍රිස්තියානි වේවා, කිසිම ආගමික ස්ථානයක දේශපාලනය කළ නොහැකියි''
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉරිදා (ජනවාරි 07) පැවති වැඩසටහනක දී අදහස් දක්වමිනි.
එම වැඩසටහන සඳහා පොලිස්පතිවරයා ඇතුළු දකුණු පළාතේ ගාල්ල, ඇල්පිටිය, මාතර, තංගල්ල යන පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරිහු ද සහභාගී වූහ.
ආගමික ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන බවට චෝදනා නගමින් සිය ආයතනය වෙත පැමිණිලි ලැබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් කියා සිටී.
"පෙත්සම් නාවත් අපි බැඳිලා ඉන්නවා මේ ගැන ක්‍රියාකරන්න. ආගම දේශපාලනයට ගාවගන්න එපා. ආගම ලෝකොත්තර දෙයක්, දේශපාලනය ලෞකික දෙයක්, හරියට කියනවා නම් සුදු වලකුළුයි කොත්තමල්ලි වගේ කිසි සම්බන්ධයක් නැහැ"
පන්සල්, කෝවිල්, පල්ලි සහ දේවස්ථාන තුළ සිදු කෙරෙන ආගමික වතාවත් නවතා දැමීම ඉන් අදහස් නොකරන බව කී මහින්ද දේශප්‍රිය, "නමුත් දිනපතා ලවුඩ් ස්පීකර් දාගෙන බෝධි පුජා කරමින් අහවල් අපේක්ෂකයාට සෙත් පතමින් යනවා නම් පන්සලේ හාමදුරුවන්ට, පල්ලියේ මෞලවි තුමන්ට, කෝවිලේ පූසාරිට, පුජක තුමන්ට කියන්න මැතිවරණ නීතිය අනුව ඒක වැරදි කියලා" යනුවෙන් සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව මෙවර නීති ගත කර තිබේ. ඊට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව අදාළ නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% ක් බවටද දක්වා තිබේ.
2018 පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වෙනිදා පැවැත්වීමට නියමිතය.
Share on Google Plus