පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ ලැයිස්තුව


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය.
ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී ගාමිණී ලොකුගේ සහ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී එස්.එම් මරික්කාර් අතර ඇති වූ ගැටුමට බොහෝ පිරිසක් පැටලීම හේතුවෙන්,බිහිසුණු ගුටිබැට හුවමාරුවක් දක්වා මෙය වර්ධනය විය.මෙම ගැටුමට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් ලෙස පැහැදිලිව දැකගත හැකි වූ පිරිස පහත දැක්වේ.
ගාමිණී ලොකුගේ.
කෙහෙළිය රඹුක්වැල්ල.
ප්‍රසන්න රණතුංග.
ප්‍රසන්න රණවීර.
ජොන්ස්ටන් ප්‍රනාන්දු.
කංචන විජේසේකර.
රංජිත් සොයිසා.
චමින්ද විජේසිරි.
කාවින්ද ජයවර්ධන.
නලීන් බණ්ඩාර.
Powered by Blogger.