බැදුම්කර පත්තරය වැසූ හේතුව නොදත් කතෘ මණ්ඩල අධ්‍යක්ෂ තුෂාර ගුණරත්න

මහ බැංකුවේ බැදුම්කර මගඩියෙන් සොරකම් කරන ලද මුදල් යොදවා ආරම්භ කරන ලද පුවත්පත වසා දැමීමට හේතුව තමන් නොදන්නා බව එහි කතෘ මණ්ඩල අධ්‍යක්ෂ, තුෂාර ගුණරත්න පවසයි.
තමන් අධ්‍යක්ෂක මණ්ඩලයේ නොසිටි බැවින් එහි සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් සහ පුවත්පත වැසීම සම්බන්ධයෙන් කිසිවකු නොදන්නා බවයි තුෂාර ගුණරත්න වැඩිදුරටත් සදහන් කලේ.
පුවත්පතේ ප‍්‍රධාන කතෘවරුන් දෙදෙනා විසින් සියළු සේවකයන් වෙත මේ බව දන්වා ඇති අතර ඉදිරියේදී වන්දි මුදලක් ලබා දීමට උත්සාහ දරන බවට ද පොරොන්දු වී තිබේ.
තමන්ද පුවත්පතෙන් ඉවත් වී ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරන බවට ද ඔවුන් දෙදෙනා සදහන් කර ඇත.
ඔවුන් දෙදෙනා සිය මුල් පුවත්පත්වලින් ඉවත් වී බැදුම්කර පුවත්පතේ රාජාකාරි සදහා පැමිණියේ ඉතා ඉහල වැටුප් ලබා දීමේ පොරොන්දුව මතයි.
බැදුම්කර පුවත්පත මුපලින් පිටපත් 7000ක් පමණ මුද‍්‍රණය කර බෙදා හැරි අතර අවසාන කාලයේදී මුද‍්‍රණය කලේ 3000ක් පමණ වුවත් ඉන්ද අඩක් පමණ නොවිකිණී ආපසු එවනු ලැබිණ.
ඉන්ටර්ග්‍රේට් මීඩියා නෙට්වර්ක් මීඩියා සමාගම ආරම්භ කල ජනයුගය පුවත්පතට දක්ෂ මාධ්‍යවේදීන් වෙනත් ආයතනයන්ගෙන් බදවා ගත්තේ, ඉහල වැටුප්වලට වන අතර ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් මසකට මිලියන 25කට ධික මුදලක් වැය වූ බව ද සදහන්.
කෙසේ වෙතත්, බැදුම්කරයට වංචාවෙන් ලත් ධනයෙන් ආරම්භ කල මෙම ආයතනයේ ඉහළ වැටුපින් උද්දාමයට පත්ව සිටි ඒ අවිහිංසක මාධ්‍යවේදීන් මේ වන විට සිය දුරකථන විසන්ධි කොට සමාජ මාධ්‍යවලින් ද ඉවත්ව සිටීම කණගාටුවට කරුණකි.

Share on Google Plus