විභාග දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා නිසා පිරිසක් අමාරුවේ


ගණකාධිකාරි සේවයේ සසස ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම වෙනුවෙන් යළිත් අදාල තරග විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව දින නියම කර ඇත. 

මෙම විභාගය මීට පෙරත් 2017 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ පැවැත්වූ අතර, උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේ සිදුව ඇති විභාග අක‍්‍රමිකතාවයක් වෙනුවෙන් මුළු රටේම එම තරග විභාගය සඳහා පෙනී සිටි විභාග අපේක්‍ෂකයින් දැඩි අපහසුතාවයකට පත්කරමින් 2018 ජනවාරි 27, 28 සහ පෙබරවාරි 03 වන දින යළිත් එම විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
 
විභාග දෙපාර්තමේන්තුව තුල සිදුව ඇති අක‍්‍රමිකතාවයක් හේතුවෙන් සිදුව ඇති දෝෂය නිවැරදි කර අදාල ප‍්‍රශ්න පත‍්‍රය පමණක් හෝ අදාල ප‍්‍රදේශයට පමණක් සුදුසු වන පරිදි තීරණයක් ගැනීම පසෙකලා සමස්ත සීමිත හා විවෘත විභාග අපේක්‍ෂකයින් සඳහා යළි විභාගය පැවැත්වීම අසාධාරණ කි‍්‍රයාවකි.

කෙසේ වෙතත්  අදාල තරග විභාගය 2018 ජනවාරි 27, 28 සහ පෙබරවාරි 03 යන දිනයන්හි පැවැත්වීමට දින නියම කර ඇත.
 
1.  ඉහත තරග විභාගය සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයින් අතර යම් ප‍්‍රමාණයක් එලැඹෙන පළාත් පාලන මැතිවරණයේ අපේක්‍ෂකයන් ලෙස තරග වැදී සිටියි.
 
2.  සීමිත තරග විභාගය සඳහා පෙනී සිටින පිරිස අතර අදාල මැතිවරණයේ රාජකාරි සඳහා යොදවන පිරිසක් සිටින බව සැලකිල්ලට ගත යුතුවීම.
 
ඉහත පෙන්වා දෙන ලද කරුණු අනුව එක්වරක් අසාධාරණයට ලක්වූ අදාල විභාග අපේක්‍ෂකයින් යළිත් වතාවක් මැතිවරණ කාලසීමාව තුල අදාල තරග විභාගය පැවැත්වීමෙන් අපහසුතාවයට ලක්ව ඇත.
 
රාජ්‍ය සේවයේ දීපව්‍යාප්ත සේවාවකට අයත් තනතුරක් සඳහා බඳවා ගන්නා මෙවැනි තරගකාරී විභාගයක් මැතිවරණ කාලසීමාවක් තුල පැවැත්වීමෙන් එම තරග විභාගයේ අපේක්‍ෂකයින් සැලකිය  යුතු ප‍්‍රමාණයකට මුහුණදීමට සිදුවන අපහසුතා සැලකිල්ලට ලක් නොකිරීම බලවත් අසාධාරණයකි.
 
එම නිසා 2018 ජනවාරි 27, 28 සහ පෙබරවාරි 03 යන  දිනයන්හි පැවැත්වීමට නියමිත ගණකාධිකාරි සේවා සීමිත/විවෘත තරග විභාගය 2018 පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසු සාධාරණ කාලසීමාවක් තුල පවත්වන මෙන් අප සංගමය අදාල සියලූ පාර්ශවයන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මේ අතර 018 පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාල මැතිවරණ රාජකාරි වලින් ඉහත දිස්ති‍්‍රක් සංවර්ධන නිලධාරින් ඉවත් කර ඇත.

 එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් පිළිගත හැකි හා සාධාරණ කරුණු පැහැදිලි කිරීමක් නොවීම හේතුවෙන් අදාල දිස්ති‍්‍රක්කවල සංවර්ධන නිලධාරින් ගැටලූවකට මුහුණපා ඇත.
 
සංවර්ධන නිලධාරි සේවයට අයත් නිලධාරින් සමස්ත රාජ්‍ය සේවයේම කොටසක් වන අතර රාජ්‍ය සේවයට අයත් වෙනත් සේවාවලට නිලධාරින් හා සේවකයින් මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇතත් රාජ්‍ය සේවයේ සිටින සංවර්ධන නිලධාරින් එලෙස යොදා නොගැනීම ඔවුන්ට සිදුකර ඇති වෘත්තීයමය අසාධාරණයකි.

ඉහත දිස්ති‍්‍රක්කවල කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් පවා මැතිවරණ රාජකාරි වලින් ඉවත් කර තිබීම ගැටලූ සහගත තත්ත්වයකි. 

මැතිවරණ රාජකාරි වැනි රටේ වැදගත් රාජකාරියකදී උපාධිධාරින් වන සංවර්ධන නිලධාරින් යොදා ගනිමින් එම කාර්යය වඩාත් කාර්යක්‍ෂමව හා නිවැරදි සේවාවක් ඉටුකර ගැනීමටත්, එවැනි නිලධාරින්ට තව තවත් එවැනි රාජකාරි සම්බන්ධයෙන් වන පළපුරුද්ද හා අත්දැකීම් ලබාදීමටත් හැකි මෙවැනි අවස්ථාවන් වලින් සංවර්ධන නිලධාරින් පිටමං කිරීම අසාධාරණ තීරණයකි.

Share on Google Plus