LTTE සංවිධානයට අයත් දේපල විකිණීමේ රජයේ සුදානමක්


2018.01.27 වන දින උදයන් පුවත් සිරස්තල

01 යාපනය දිස්ත‍්‍රික්කයේ මෙතෙක් යුධ හමුදාව විසින් නිදහස් කර නොමැති ප‍්‍රදේශ වල පදිංචි ජනතාවට පලාත් පාලන ඡන්දය භාවිතා කිරිම සදහා තෙලිප්පලෙයි යුනියන් විදුහල හා වාසවිලාන් මධ්‍ය මහා විදුහල සුදානමි කර ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් දැනුම් දී ඇති බව සදහන්.

02. එල්ටිටිඊ සංවිධානයට අයත් දේපල විකිණීමට රජය සුදානම් වී සිටින බවට කොළඹින් පලවන සිංහල මාධ්‍යක් පෙන්වා දී ඇති බව සදහන්.

2018.01.27 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. යාපනය බොම්මෙයිවෙලි ප‍්‍රදේශයේදී ඊයේ සවස හෙරෝයින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනව ඇති බව සදහන්.

02. මුලතිව් දිස්ත‍්‍රික්කයේ කේපපාපිලව් ප‍්‍රදේශයේ යුධ හමුදාව විසින් නිදහස් කරන ලද ඉඩම්වල තිබූ ළිං24ක් යුධ හමුදාව විසින් පිරිසිදු කර දී ඇති බව සදහන්.
 
2018.01.27 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. ගුරුනගර් සිට මසුන් මැරීම සදහා ගිය ධිවරයින් තිදෙනෙකු නයිනතිව් මුහුදු තීරයේදී 2018.01.24 වන දින සිට අතුරුදහන්වී ඇති බව යාපනය පොලිසිය වෙත පැමිණිලි  කර ඇති බව සදහන්.

02. යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරි කරන යුද හමුදා නිලධාරින් හට 2017.01.18 වන දින සිට 2018.01.21 දින දක්වා වෙඩිතැබිමේ තරගාවලියක් මයිලඩි ප‍්‍රදේශයේ පිහිටි වෙඩි පිටියේදී පැවැත්වු අතර, මෙම තරගය මේජර් නිළයේ සිට මේජර් ජෙනරල් නිළය දක්වා කොටස් පහකින් පවත්වා ඇති අතර, මෙම තරගාවලියට උසස් නිලධාරින් 125 දෙනෙක් සහභාගි ඇති බවත්, මෙම තරගයේදී ජය ලබාගත් නිළධාරි වරුන් වන්නේ මේජර් ජෙනරල් දර්ශණ හෙට්ටිආරච්චි, බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, ලුතිතන් කර්නල් නලින් ප‍්‍රභාත්, මේජර් ගීත් මූණගමගේ වන අතර, මෙහිදි විජයබාහූ පාබල හමුදාවේ මේජර්ගී ත් මූණගමගේ යන නිලධාරි ප‍්‍රථම ස්ථානය, ශ‍්‍රි ලංකා සිංහ රෙජිමෙ‘න්තුවේ මේජර් ඩිඑම්එස්සි දසනායක යන නිලධාරි දෙවන ස්ථානය ද, කර්නල් මහේන්ද්‍ර ප‍්‍රන්නාදු යන නිලධාරි තෙවන ස්ථානය ද ශ‍්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුලුවේ මේජර් එස්කේ ගමගේ සිව්වන ස්ථානය සහ මේජර් එම්පිසිඑම් ගුණරත්න පස්වන ස්ථානය හිමිකරගෙන ඇති බව සදහන්.

03. කිළිනොච්චියේ සිට කොළඹ දක්වා දුම්රිය මගින් ප‍්‍රවාහනය කරමින් තිබු කේරළ ගංජා කිලෝ ග‍්‍රැ?ම‘ 02ක් සමගින් පුුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

2018.01.27 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. දොඹගොඩ යුධ උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවය කරන සැරයන්වරයෙකු වන සැරයන් නදීෂාන් කේකේටිඑස්එම් විසින් නවතම යකඩ නැවිමේ යන්ත‍්‍රයක් නිෂ්පාදනය කර ඇති බව සදහන්.

02. මඩකළපුව කිරාන් ප‍්‍රාදේශිය ලේකම‘ බළප‍්‍රදේශයට අයත් පුලිප්පායින්දල් පුලක්කාඩු ප‍්‍රදේශයේ දී පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී එල්එම්ජි වර්ගයේ ගිණි අවියක් සොයාගෙන ඇති බව සදහන්.
Share on Google Plus