බැඳුම්කර පිටපතක් ඉල්ලා රවී තොරතුරු පනතට ආවඩයි


බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අද (08) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ ඉල්ලූම් පතක් භාරදුන්නේය.

ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කළ ප‍්‍රකාශයෙන් තමාට ද චෝදනා එල්ල වී තිබුණත් එහි කිසිඳු සාධාරණයක් නැති බව මෙම ඉල්ලූම්පත භාරදී පැමිණීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවී කරුණානායක ප‍්‍රකාශ කළේය.

එබැවින් ඒ සම්බන්ධව පියවර ගැනීම සඳහා මෙසේ බැඳුම්කර කොමිසමේ වාර්තාවක් ඉල්ලා සිටින බව ඔහු පැවසීය. 
මහ බැංකුව හෝ වාණිජ බැංකු තිබුණේ තමා යටතේ නොවන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
Share on Google Plus