වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි අත්අඩංගුවට


ජනප්‍රිය ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අද (18) තංගල්ල පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට පත්ව තිබේ.
වසර 2012 සිට 2016 දක්වා රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටිය දී රුපියල් දශලක්ෂයක රන් ආභරණ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමණාකාරවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකාරිය අද (18) තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

“විවාහය හා ලිංගිකත්වය” ගැන වික්ටර් රත්නායකගේ තරුණ බිරිඳ කියපු කතාව.! (PHOTO)

ආදරයේදී සහ ප්‍රේමයේදී මෙන්ම ලිංගිකත්වයේදීද වික්ටර් රත්නායක තමන්ට දැනෙන්නේ තරුණයෙකු ලෙස යැයි වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පවසයි.
ඉරිදා පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කර තිබුණි.
හෂිනි සහ වික්ටර්ගේ වයස් පරතරය අවුරුදු තිහකටත් වැඩි වීම ඔවුන්ගේ ආදරයට ගැටලුවක් වූයේ නැත්ද යනුවෙන් මාධ්‍යවේදීයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඇය මෙලෙස පිළිතුරු දී තිබේ.
මුලින්ම ආදරය ප්‍රකාශ කලෙත් වික්ටර් රත්නායක බවද විවාහ වන තුරුම වික්ටර් හා හෂිනි ලිවිං ටුගෙදර් ලෙසට ජීවත් වූ බවද ඇය පුවත්පතට හෙළි කර තිබීම විශේෂත්වයකි.
ඇය සිය පළමු විවාහ‍ය සහ ආදරය පිළිබදවද අදහස් දක්වා ඇති අතර සිය ප්‍රථම ආදරය සහ විවාහය අමිහිරි මතකයක් වූ බවත් එය පොඩි වයසකදී නොතේරුම්කම නිසා ඇතිවූ ආදරයක් බවත් හෂිනි ප්‍රකාශ කර තිබුණි.
වික්ටර් රත්නායකගේ අලුත් විවාහය සම්බන්ධයෙන් වන පුවත ගැන තවමත් ක්ෂේත්‍රයේ පිරිස් කතාබහට ලක්කරනවා. ඒ අතර මෙම විවාහයට හේතුව මුදල් යැයි ඇතැමුන් පැවසූ අතර තවත් පිරිසක් පැවසුවේ වික්ටර් රත්නායක කා සමඟින් හෝ විවාහ වීම කිසිවෙකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවයි. මේ සියල්ල අතර වික්ටර්ගේ තරුණ බිරිඳ වන හෂිනිගෙන් මේ ගැන විමසන්නට සති අන්ත පුවත්පතක් කටයුතු කර තිබුණි.
මේ එහි පළවූ ලිපියකුයි.
”වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි.
“ඔව්. ඔව්. ඒ මම තමයි.”
“එදා මේ ගැන මුකුත් ම කීවෙ නැහැනේ.” මම විමසුවා. එතකොට ඇය මෙහෙම කීවා.
“අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.
මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා.
මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.
මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි, මගෙයි සම්බන්ධය ඉව වැටුණාම, ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා. මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.
මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා, අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.
මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.
වයස්…. පරතරය… ගැන ගැටලුවක් නැද්ද…?
ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.
අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.
හෂිනිට… වික්ටර් ගැන තියෙන්නේ ආදරයක් ද? ගෞරවයක් ද? භක්තියක් ද? නැත්නම් මේ හැම දේකම සම්මිශ්‍රනයක් ද?
ඔව් හැමදෙයකම සම්මිශ්‍රනයක් කීවොත් නිවැරැදියි. මම එයාට හොඳින් සලකනවා.
ඔයාගේ අනාගතය ගැන බලද්දි වික්ටර් සමඟ විවාහවීමේ තීන්දුව නිවැරැදියි කියා හිතනවද?
මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැමතියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.
මේ තරමට බාධා – ගැටුම් එන්නේ අසම්මත ප්‍රේමයක් වූ නිසාද?
ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.
වික්ටර් නැවත විවාහ වෙන බවක් එදා ‘දෛව රේඛාව’ ලිපියෙදි කියවුණේ නැහැ. අඩුගාණේ මේ ගැන හඳහනේවත් සඳහන් වෙලා තිබුණද?
මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.
ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.
අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැමතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා.
තාත්තව අර ගෑනිගෙන් ගලවගන්න උදව් කරන්න – වික්ටර්ගේ පුතා කිව්ව සංවේදී කතාව.
ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මිය ගියේ යයි ඔහුගේ පුත් ලෙලූම් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබීමත් සමගම සමාජ ජාලා ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වෙනවා.
අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි දැනගන්නට ලැබෙන්නේ. වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි වන අතර, බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා. මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායක බවයි පුත් ලෙලුම් සඳහන් කරන්නේ. එය තංගල්ල මහජන බැංකු ශාකාවේ සේවය කරන්නන්ගෙන් දැනගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
හැකි ලෙසින් බෝධි පූජාවක්, දෙවියන්ට කන්නලව් කොට හෝ එම ගැහැණියගෙන් තම පියාව ගලවා දෙන ලෙසයි පුත් දිලුම් ඉල්ලා සිටින්නේ.
වික්ටර්ගේ ලස්සන පවුල
වික්ටර් රත්නායක මහතාගේ විවාහය පිලිබඳව භික්ෂූන් වහන්සේ නමක් සිය දේශනය අතරතුර අදහස් පල කර තිබෙනවා.
මෑත කාලයේදී දැඩි කතා බහට ලක් වූ වික්ටර් රත්නායක මහතාගේ පවුල් ජීවිතය උදාහරනයකට ගනිමින් ලොකු හාමුදුරුවන් පෙන්වාදුන්නේ වයසට ගියත් එය හිතට නොගිහින් ඇති හැටියී.
මෙම වීඩියෝව මේ වන විට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
Share on Google Plus