පහර දෙන්න ඕන සයිටම් වහන පොරොන්දුව කඩ කරපු අයට


ඊයේ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයට ආණ්ඩුව ඉතා තිරිසන් ලෙස ප‍්‍රහාර එල්ල කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ සයිටම් අහෝසි කරන්න පොරොන්දු දුන්නු ආණ්ඩුව ඒ සියල්ල අමතක කර යලි ශිෂ්‍යයන් මර්දනය කරන්න පටන් ගෙන ඇති බවයි.

එහිදී කදුළු ගෑස්, බැටන් පොලූ වලින් පහර දුන් බව අද (26) කැදවා  තිබූ මාධ්‍ය හමුවක එක්වෙමින් පැවසීය.

තවදුරටත් අදහස් පළ කළ පුබුුදු ජයගොඩ

සයිටම් අහෝසි කරන්න පොරොන්දු දුන්නු ආණ්ඩුව ඒ සියල්ල අමතක කරලා. ආණ්ඩුව ආයිම ශිෂ්‍යයො මර්දනය කරන්න පටන් අරන්.

රජරට විශ්ව විද්‍යාලේ ශිෂ්‍යයෝ කොළඹට එන්න බස් වෙන් කරලා තියෙද්දී  පෞද්ගලික බස්රථ හිමියන්ට හා සේවකයන්ට අනුරාධපුර පොලීසිය කියලා තියෙනවා උද්ඝෝෂණයට යන්න අනුරාධපුරය පහු කළොත් බස්වලට පහර දෙනවා කියලා. බලංගොඩ පොලීසියත් සබරගමුව විශ්වවිද්යාෙලයෙන් ශිෂ්‍යයෝ  උද්ඝෝෂණයට යෑම නවත්වන්න එලෙස බස් රථවලට පහර දෙනවා කියලා තියෙනවා. පොලිසිය දැන් මැරයන්ගේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ. පොලීසිය බස් රථවලට ගහන තත්වය 19 වන ව්යයවස්ථාවෙන් ගෙනාපු ප‍්‍රතිසංස්කරණ  වල ප‍්‍රතිඵලයක්ද?  සමහර බස් රථ වලට එන්න දුන්නේ නෑ. සමහර බස් මග නැවැත්තුවා. ඊට පස්සේ කොල්ලුපිටියේදී උද්ඝෝෂණයට පහර දුන්නා. මේක තමයි පොලිසියේ හැසිරීම.

අනිත් කාරණය තමයි, අධිකරණය ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට පොලිසිය පෙරේදා වාරණ නියෝගයක් ගන්න ගියා, ගංගොඩවිල මහේස්ත‍්‍රාත් වරයා අධිකරණ බල ප‍්‍රදේශයේ පාගමන් යෑම වළක්වන්න. පොලිසිය ඒ සඳහා ගෙනගොස් ඇති ඉල්ලූම් පත‍්‍රය නීතියට අනුකූල නෑ. ඒ නිසා මහේස්ත‍්‍රාත් වරයා කියල තියනවා මේ විදිහට ඉල්ලද්දී වාරණ නියෝගය ලබාදෙන්න බෑ, ඉල්ලීම නිවැරදිව සකස් කළ යුතුයි, ඒ සඳහා මහේස්ත‍්‍රාත් වරයාගේ නිල කාමරයට එන්න කියලා. පොලීසියේ රාජකාරිය කරලා තියෙන්නේ අධිකරණයයි. අධිකරණයෙන් කළ යුතු උද්ඝෝෂණ තහනම් කිරීම වගේ වැඩ පොලීසිය කරනවා. අධිකරණට බෑ වාරණ නියෝග අධිකරණය විසින්ම සකස් කර එයට අනුමැතිය දෙන්න. පොලීසියේ රාජකාරිය අධිකරණයට පවරාගන්න බෑ. අධිකරණයට කළ හැක්කේ පොලීසිය විසින් නිසියාකාරයෙන් සකස් කළ වාරණ නියෝගයක් අනුමත කිරීම හෝ එය නීතියට අනුකූල නැත්නම් ප‍්‍රතික්ෂේප කිරීම පමණයි.මේකද ඔය ආයතන ස්වාධීන කරනවා, කොමිෂන් හදනවා කියලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ වල අවසාන ප‍්‍රතිඵලය? 

මීට අමතරව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා නිවේදනයක් නිකුත් කරලා තියනවා, සාකච්ඡුාවක් දීල තියනවා ඒකට එන්න කියලා. මේකෙන් ප‍්‍රවෘති දෙපාර්තමේන්තුව උත්සාහා කරන්නේ සාකච්ඡුාවක් දීල තියෙද්දිත්, ශිෂ්‍යයෝ උද්ඝෝෂණයක් කරනවා කියල පෙන්වන්න. දෙසැ. 31 ගැසට් නිවේදනයක් නිකුත් කරනවා කියලා නිකුත් නොකර ඉදලා, ඒ අතරතුර කිසිම සාකච්ඡුාවක් නොදී උද්ඝෝෂණයක් කරනවා කියපු ගමන්ම සාකච්ඡුාවක් දෙනවා කියනවා. ප‍්‍රශ්නය තියෙන්නේ මාධ්‍ය නිවේදනයේ කියල නැහැ සාකච්ඡුාව දෙන්නේ කාටද කියලා.අන්තර් විශ්ව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට වත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවටවත් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයටවත්, මේකට සම්බන්ධ වෙච්ච අනෙකුත් වෘත්තීය සමිති හෝ විශ්වවිශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිතියටවත් සාකච්ඡුාවක් දීල නෑ. ආණ්ඩුවේ වැඩපිලිවෙල පැහැදිලිවම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී කි‍්‍රයාවලියක්.



 පසුගිය මහින්ද රාජපක්ෂගේ තත්වයම නැවත ඇතිකරනවා වගේ අදහසක් අපිට තියෙන්නේ. මොකද මේ වෙලාව අධ්‍යාපනයට අදාලව ඉතාම බරපතල ප‍්‍රශ්න පැනනැගුණු වෙලාවක්. අමු අමුවේ පොරොන්දු කඩකරලා සයිටම් හොර උපාධි කඩය වෙනත් නමකින් නීතගත කිරීමට විරුද්ධව ශිෂ්‍යයන් කරපු උද්ඝෝෂණයට තමයි අධිකරණය, පොලීසිය, ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුලූ රාජ්‍ය ආයතන භාවිතා කරමින් විිවිධාකාරයේ තර්ජන ගර්ජන කරලා අවසානයේදී ඒ ශිෂ්‍යයන්ට පහර දුන්නේ. අපි කියනවා පහර දෙන්න  ඕන ශිෂ්‍යයන්ට නෙවෙයි, පොරොන්දු දීල පොරොන්දු කඩ කරපු අයටයි. දෙසැම්බර් 31 ගැස්ට් එකක් නිකුත් කරනවා කියපු හර්ෂද සිල්වාටයි. දෙසැම්බර් 31 තාක්ෂණික දෝෂයක් නිසා නිකුත් කරගන්න බැරි වෙච්ච දෙසැම්බර් 15 ගැසට් පත‍්‍රය නිකුත් කරනවා කියලා කැබිනට් මාධ්‍ය හමුවේදී කියපු සෞඛ්‍ය ඇමතිටයි. ගහනවානම් ගහන්න මේ අයට. ප‍්‍රහාරය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැඩිලෙස අප‍්‍රසාදය පලකරනවා.
Share on Google Plus