UNPය රැකියා දන්සලක - මැ.කෝ මර නින්දේ


හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අලුතෙන් සේවකයන් බඳවා ගනිමින් සිටින බවට වාර්තාවේ.
මෙම බඳවා ගැනීම් සිදුකරන්නේ පුහුණුව ලබාදෙන මුවාවෙන් වන අතර පුහුණු කාලය මාස 06කි. 
පෙර දාතමින් මෙම පත්වීම් නිකුත් කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන) ලලිත් එදිරිසිංහගේ අත්සනෙනි.
මෙම පිරිසට දිනකට රුපියල් 500ක දීමනාවක් ගෙවනු ලබන අතර ඔවුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගන්නා බව වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ද මෙලෙසම එජනිසයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ සේවකයන් යොදවා ගෙන තිබූ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද පවතී.
Share on Google Plus