ඌවේ, අලි කුකුළු ගැටුමක් - අලි දෙකක් රෝහලේ

ඌව පාළාත් සභාවේ මහා සභා රැස්වීම අද (25) පැවැත්වී ඇති අතර ඊට සහභාගී වෙමින් සිටි මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මෙම පහරදීම සිදුවී ඇත්තේ පළාත් සභාව ඉදිරිපිටදී ය.
තුවාලකරුවන් මේ වනවිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙම ගැටුම සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සහ කම්කරු කොන්ග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරු අතර ය. රෝහල් ගත කළ මන්ත්‍රීවරු අතරින් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු බව පැවසේ.
Share on Google Plus