පේදුරුතුඩුව මහාධිකරණයට අයත් භූමි ප‍්‍රදේශය නිදහස් කරන්න

2018.01.05 වන දින උදයන් පුවත් සිරස්තල

01.  මෙවර පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශිය සභාවට නාමයෝජනා භාරදීමේ දී කාන්තා පක්‍ෂයට ඇති වු තර්ජන හේතුවෙන් එම ප‍්‍රදේශයේ මෙවර ඡන්දය පවත්වනවා ද යන තිරණය  අද දින මැතිවරණ කොමිසම විසින් තීරණය කිරිමට නියමිත බව සදහන්.

02. වව්නියාව ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් හට සහය පල කරන අයුරින් යාපනය ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් විසින් දින 04 ක් තිස්සේ පැවැත්වූ වැඩ වර්ජනය ඊයේ දින අවසන් වු බව සදහන්.

03. යාපනය සංගුවේලි ප‍්‍රදේශයේ නාදුනන පිරිසක් විසින් වයස අවුරුදු 20ක තරුණයෙකු ඝාතනය කර එම ප‍්‍රදේශයේ ලිදකට දමා පලාගොස් ඇති අතර, ඊයේ රාත‍්‍රි 08.45ට පමණ ප‍්‍රදේශයේ ජනතාව විසින් එම මළ සිරුර සොයාගෙන ඇති බව සදහන්.

04. ඊයේ දින යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි  නව වසර වෙනුවෙන් සුභ පැතිම සදහා යාපනය මහාධිකරණ විනිසුරු මානික්වාසහර් ඉලංජෙලියන් මුණගැසීමට ගොස් ඇති අතර, එහිදි ඇතිවු සාකච්ඡාවක දි දැනට යුධ හමුදාව සතුව ඇති පේදුරුතුඩුව මහාධිකරණයට අයත් භූමි ප‍්‍රදේශය නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා, යාපනය ආඥාපති වරයාගෙන් ඉල්ලිමක් කර ඇති බව සදහන්.

2018.01.05  වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. යාපනය නෙදුන්තිව් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල්වු ඉන්දිය ධිවරයින් 13 දෙනෙකු ඊයේ දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව සදහන්.

02. යාපනය නවාක්කුලි ප‍්‍රදේශයේ  නිවසකට කඩා වැදුනු නාදුනන කල්ලියක් විසින් එම නිවසේ සිටි මව සහ පුතා හට පහරදී එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සදහන්.

2018.01.05 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. යාපනය 51වන ස්නාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්ත 2018.01.03 වන දින වැඩ භාරගෙන ඇති අතර, එහිදි භඨ පිරිස් අමතා විශේෂ තේපැන් සංග‍්‍රහයකට සහභාගි වූ බව සදහන්.

02. 2018.01.03 වන දින පලෙයි පොලිස් බළ‍්‍රප‍්‍රදේශයට අයත් පච්චලේපල්ලි ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී මි:මි 81 වර්ගයට අයත් මෝටාර් බෝම්බ තොගයක් යුධ හමුදාව විසින් සොයාගෙන ඇති බව සදහන්.

2018.01.05 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරචිචිගේ ඉල්ලිමකට අනුව තිරුනල්වේලි මුත්තුතම්බි මහා විදුහලේ සිසු සිසුවියන් හට පාසල් නිළ ඇදුම් බෙදා දීමේ උත්සවයක් ඊයේ දින පැවැත්වු අතර, මෙම උත්සවය 51 සේනාංකයේ අධික්‍ෂණයෙන් 511 බළසේනා මුලස්ථානයේ සංවිධාන ශක්තියෙන් සංවිධානය කල බවත්, මේ සදහා 51 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝෂාන් සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ නිිලධාරි, 511 බළසේනාධිපති  කර්නල් චන්දන වික‍්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ගූණ,ජය,සතුට පදනමේ මෙහෙයුම් කළමණාකරු ආනන්ද ජයවර්ධන මහතා ඇතුලු පිරිසක් සහභාගී වු අතර, මෙහිදී 1 වසර සිට සාමාන්‍ය පෙල දක්වා සිසු සිසුවියන් 350 දෙනෙකු හට නිළ ඇදුම් ලබාදුන් බව බව සදහන්.

Share on Google Plus