හිටපු ජනාධිපති මහින්ද වසර 03කට පසු අද යාපනයේ


2018.02.01 වන දින උදයන් පුවත් සිරස්තල

01. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වසර 03 කින් පසුව අද දින යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත බව සදහන්.

02. එල්ටිටිඊ සංවිධානය මේ දක්වා ක‍්‍රියාත්මක වුවේ නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අංගජන හට එම තනතුරට පත්වීමට නොහැකි බව ටෙලෝ සංවිධානයේ ලේකම් ශ‍්‍රි කාන්ත විසින් පවසා ඇති බව සදහන්.

03. උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල බෞද්ධ විහාර 1000 ඉදිකිරිම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් මුඳල් වෙන්කර ඇති බව සදහන්.

04. මෙවර පළාත් පාලන මැතිවරණයට දෙමළ ජාතික සංධානයෙන් යාපනය ප‍්‍රදේශයෙන් ඡන්ද අපේක්‍ෂකයෙකු ලෙස සහභාගීවිමට නියමිත කදිරවේළුගේ නිවසට ඊයේ රාත‍්‍රි 07.30ට පමණ නාදුනන කල්ලියක් විසින් ගල් ප‍්‍රහාරයක් එල්ලකර ඇති බව පොලිසිය සදහන් කරයි. 

05. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හේතුවෙන් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල ආරක්‍ෂාව තරකර ඇති බව සදහන්.

06. කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් යුධ හමුදා සාමාජිකයින්ගේ ගමන් පහසුව සදහා කිළිනොච්චි සිට කොළඹ දක්වා අධි සුඛෝපභෝගි බස්රථ සේවාවක් 2018.01.27 වන දින කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරීයකරවන විසින් ආරම්භකර ඇති බව සදහන්.

2018.02.01 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. කනරවායි ප‍්‍රදේශයේ නිවසක තනිව සිටි පූජකවරයෙකුහට නාදුනන පිරිසක් විසින් ඊයේ රාත‍්‍රි 10.30ට පමණ ප‍්‍රහාරයක් එල්ලකර ඔහු සතුව තිබූ වටිනා භාණ්ඩ රැගෙන පලාගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

2018.02.01 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. මුලතිව් දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 71 ක් මේ වන විට වාර්තා වී ඇති බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවසා ඇති බව සදහන්.

02. 2008 හා 2009 වසර වලදි ද්‍රවිඩ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිදුවීමට අදාලව නාවික හමුදා සේවයේ සිටි නිලධාරයෙකු වන ලුතිතන් සම්පත් (නේවී සම්පත්) සොයාගැනීම සදහා සිවිල් ජනතාවගේ සහය පතන බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව සිවිල් ජනතාවගෙන් ඉල්ලිමක් කර ඇති බව සදහන්.

2018.021.01 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. ශ‍්‍රි ලංකා හා ඉන්දියානු ධිවරයින් අතර ඇති ගැටළු පිලිබද විශේෂ සාක්ඡාවක් ඉන්දියානු තානාපති ලෙස කටයුතු කරන කානිවා කිස්වරා විසින් ශ‍්‍රි ලංකා රජය සමගින් පැවැත්වීමට නියමිත බව සදහන්.
Share on Google Plus