බ්‍රිගේඩියර් පි‍්‍රයංකට විරෝධය පා ද්‍රවිඩ සංවිධාන විසින් ලන්ඩන් නුවර උද්ඝෝෂණයේ


2018.02.14 වන දින උදයන් පුවත් සිරස්තල

01. ඊයේ දින මුලතිව් මුල්ලිවෛකාල් ප‍්‍රදේශයේ නිවසක කසල ගොඩකට ගිණි ඇවිලීමෙන් පසු එහි තිබී බෝම්බයක් පුපුරාගොස් ඇති බවත්, එයින් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බවත්, මුලතිව් පොලිසිය සදහන් කරයි. 

02. යුධ සමයේදී අතුරුදහන් වු තමන්ගේ ඥාතින් සොයාදෙන ලෙස ඉල්ලා ඊයේ දින වව්නියාව පොලිසිය ඉදිරිපිට දී 355 වන දිනටත්  අතුරුදහන් අයවළුන්ගේ් ඥාතින් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා ඇති බව සදහන්.

03. 2012 වර්ෂයේ බොට්ටුවක් මගින් ඕස්ටෙ‍්‍රිලියාවට ගිය හිටපු එල්ටිටිඊ සමාජිකයෙකු මෙම මස 22 වන දින ඕස්ටෙ‍්‍රිලියා රජය විසින් මෙරටට හරවා එවීමට කටයුතු සුදානම්කර ඇති බව සදහන්.

04. උතුරු පාළාතේ යාපනය දිස්ත‍්‍රීක්කයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතුරෙන් ප‍්‍රසිද්ධියට පත් පේදුරුතුඩුව සක්කෝට්ටේ නැරඹුම් මධ්‍යස්ථානය සංචාරකයින් සඳහා වඩාත් උචිත අන්දමින් ප‍්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත්කිරීම පෙරේදා දින ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ අතින් සිදුකරන ලදි. 
(මෙම පුවත වාලම්පුරි, තිනකුරල් සහ කාලෙ‍ෙකදිර් පුවත්පත් හි පලවී ඇත. 

2018.02.14 වන දින වාලම්පුරි පුවත් සිරස්තල

01. යාපනය සිට කොළඹ දක්වා ප‍්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝ ග‍්‍රැම් 08ක් සමගින් වයස අවුරුදු 58 ක පුද්ගලයෙකු වව්නියාව පොලිසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

02. සංහිදියාව අර්ථවත් කිරිම මුල්කර ගනිමින් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ සිව රාත‍්‍රි පුජාවක් ඊයේ දින වව්නියාව කන්දසාමි කෝවිලේදී පවත්වන ලදි. මෙම අවස්ථාවට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිලධාරින් සහ සෙබළුන් විශාල පිරිසක් සහභාගි වූ බව සදහන්.

2018.02.14 වන දින තිනකුරල් පුවත් සිරස්තල

01. ශ‍්‍රි ලංකා 70 වන  ජාතික නිදහස් දිනයේදී ලන්ඩන් නුවර මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි පුද්ගලයින්හට තර්ජනය කළ ශ‍්‍රි ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට විරෝධය පල කරමින් එරට ද්‍රවිඩ සංවිධාන විසින් ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රි ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවී ඇති බව සදහන්.

2018.02.14 වන දින කාලෙ‍ෙකදීර් පුවත් සිරස්තල

01. ඊයේ දින හදිසියේම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හමුවීම සදහා ඇමරිකානු තානාපති අතුල් කෝප් සහ ඉන්දිය තනාපති තරංජිත් සින්දු යන ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට පැමිණි බව සදහන්.


Share on Google Plus